
(අංජුල මහික වීරරත්න)
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දුන්නේය.
ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙම කඩිනම් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක් වෙමිනි.
ඖෂධ සැපයුම්කරුවන් අඩුකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබා නොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාල වීම යන කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් ද පවතින බව ප්‍රකාශ කළේය.
ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍යවන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව සවිස්තර කරුණු සොයා බැලීමක් සිදුකළ අමාත්‍යවරයා හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා අවශ්‍ය සැලසුම් සකස් වියයුතු ආකාරය පිළිබඳව මෙහි දී නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
COMMENTS
ඇමැතිතුමා ඇයි මෙරට පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයින්ගෙන් උදව් ගන්න බැරිද? විශාල සංඛ්‍යාවක් පෞද්ගලික නිෂ්පාදන ආයතන තියනවා නේද?
ඖෂධ සැපයුම හරි ආකාරව නොවෙන්න තියෙන ඇත්තම ප්‍රශ්නේ ඕක නෙවෙයි... එම් එස් ඩී එකේ ඉන්නේ හරිම අලස පිරිසක්. සැලකිය යුතු පිරිසක් මුදලට ඉතා ගිජු නිසා ඕවා වෙන්නේ - ඒකයි ඇත්ත සිස්ටම් එක ඩිවලොප් කරන්න සම්පූර්ණයෙන්ම කම්පියුටරයිස් කරන්න මුළු ප්‍රොසෙස් එකම අනවශ්‍ය ස්ටෙප්ස් අඩු කරන්න මිලදී ගැනීමේ ක්‍රියාවලියේ තියෙන - 2/3ක් තියෙන නිසා ඔය අඩු පාඩු නීති ගෙනැල්ලා හදන්න හොරු ටිකට දඩුවම් දුන්නේ නැත්නම් එම් එස් ඩී එකෙන් මේ වැඩේ බේරාගන්න බෑ...
මම SPMC සභාපතිව සිටි කාලයේ ගෙන ගිය වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කරා නම් අද ඖෂධ අවශ්‍යතාවයෙන් 25% දේශීයව නිෂ්පාදනය කරන්නට තිබුණා. සෑම රජයකම හිටපු සෞඛ්‍ය ඇමැතිවරුයි, ඒ කාලවල හිටපු සභාපතිවරියි සල්ලි පස්සේ දිව්වා මිසක් නිෂ්පාදනය වැඩිකිරීමට කිසිවක් කළේ නැහැ. ඔවුන්ගේ දක්ෂතාවය තමා ගිය අවුරුද්දේ QUALITY FAIL වෙලා රෝහල් වලින් SPMC වල හදපු බෙහෙත් ඉවත් කිරීම.