(සුජිත් හේවාජුලිගේ )
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ( රජයේ මුද්‍රණාලය) සේවකයන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනයවීම නිසා එහි අංශ තුනක් වසා දමා ඇත.
මේ අතර තවත් සේවකයන් 50 දෙනකු පමණ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසා නිරෝධායනයට යොමුවී සිටින බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
මේ තත්වය නිසා එහි බොහෝ අංශවල කටයුතුවලට බාධා මතුව ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.
නිරෝධායනයට යොමු කෙරුණු සේවක පිරිසක් අද දිනයේ රාජකාරියට වාර්තා කිරීමට නියමිත බවත් සේවකයන් එලෙස කොටසින් කොටස ගෙන්වා රාජකාරියේ යෙදවීමට බලාපොරොත්තු වන බවත් කල්පනා ලියනගේ මහත්මිය කීවාය.
මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා කොවිඩ් තෙවැනි මාත්‍රාව ලබා දීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව පැවසූ මුද්‍රණාලාධිපතිනිය ඒ සඳහා සෞඛ්‍ය අංශවලට විස්තර වාර්තා ලබාදී ඇතැයිද පැවසුවාය.
කුමන බාධා මතුවුවත් රජයේ මුද්‍රණ කටයුතු සාමාන්‍ය පරිදි ප්‍රමාදයකින් තොරව කරගෙන යන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රජයේ මුද්‍රණාලයේ 15කට කොරෝනා