IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


රජයේ ආයතනවල රාජකාරී මගහරින අය ගැන අවධානය

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවයෙන් සේවයේ නියුතු සේවක  සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත්  අතර සංඛ්‍යාවක්  සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව ( අයිස් ගැසීම ) සමීක්ෂණයකදී  පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙලෙස  සිය රාජකාරියට දායකත්වය නොදක්වා  නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම  තත්වය වැළැක්වීම සඳහා   සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

ආයතන ප්‍රධානීන්ට එහිදී  විශේෂ වගකීම්  පැවරීමටද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී කටයුතු කෙරෙනු ඇත.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියළුම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි සඳහා සක්‍රීයව දායක කර ගැනීම වැදගත් බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක්  ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ ආකාරයට නිකරුණේ නිද්‍රාශීලී ලෙස කටයුතු කිරීම සඳහා  සමහර ආයතනවල  ව්‍යුහාත්මකවද පරිසරය සැකසී ඇති බවත් එවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සොයාබැලීමක් කරන බවත් එම  නිලධාරියා සඳහන් කළේය.

සේවකයන්  රාජකාරි කටයුතු සඳහා උපරිමයෙන් දායක කර ගැනීම  ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව  මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෑම බීම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය  යොදාගෙන  විවිධ ක්‍රීඩාවල  නිරතවී නිකරුණේ කාලය ගත කර නිවෙස්වලට යන රාජ්‍ය  සේවකයන්  විශාල පිරිසක් බොහෝ ආයතනවල සිටින බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රටේ සමස්ත රාජ්‍ය සේවක සේවිකාවන් සංඛ්‍යාව ලක්ෂ 16කට  අධිකය



අදහස් (20)

රජයේ ආයතනවල රාජකාරී මගහරින අය ගැන අවධානය

Sk Saturday, 29 January 2022 11:26 AM

ගොඩක් කල් ඉඳලා, ගොඩක් රාජ්‍ය ආයතන වල වෙන දෙයක් තමයි මේ... දැන් හරි මේකට පිළියමක් ලැබුණොත් හොඳයි..!

:       0       29

ගජමෑන් Saturday, 29 January 2022 12:01 PM

ඇත්තටම ඉක්මණින් කළයුතු වැඩක් මේ කරන්න හදන්නේ... අපි රජයේ සේවයේ සිටියදී ලිපියක් ලියාපදිංචි වේවා, සාමාන්‍ය තැපෑලෙන් වේවා.., ලිපියට පිළිතුරක් දින තුනක් ඇතුළත යැවීමට පිළිගත් සම්ප්‍රදායක් තිබුණා. නමුත් එවැනි දේවල් දැන් කාලේ ලොක්කෝ හා සොක්කෝ දන්නේ නැද්ද? නැත්නම් නොසලකා හරිනවාද දන්නෙ නැහැ.. ලියාපදිංචි තැපෑලෙන් යැවූ ලිපියක් සඳහා මාසයක් ගතවෙලත් උත්තර නැති අවස්ථා අනන්ත තියෙනවා. (මේ අතර සමහරක් අය පිරමිඩවලට හිරවෙලත් ඉන්නවා වෙන්න පුළුවන්..) මේ ගැන පැමිණිලි කරන්න ආයතනයක් ස්ථාපිත කළොත් සහ එවැනි වැරැදි කරන අයට දඬුවම් දීමට ක්‍රමයක් ක්‍රියාත්මක කළොත් රටට සෙතක් වේවි (මමත් යැවූ ලිපි දෙකකට මාසයක් වෙලත් උත්තර නම් නැහැ..)

:       0       23

uk ran Saturday, 29 January 2022 12:07 PM

30%ක්, 40%ක් නෙවෙයි... 80%ක් අයිස්ගහන්නේ.. බොරු වෘත්තීය සමිතිකාරයෝ මේකට විරුද්ධව ස්ට්‍රයික් කරයි. මොකද ඒ අය යැපෙන්නේ ඒකෙන්නේ...!

:       0       34

gamaathi Saturday, 29 January 2022 12:18 PM

මෙම කාරණය සත්‍යයකි. මම ඇතුළු විශ්‍රාමික කීපදෙනෙකුගේ විෂමතාවයක් අවුරුදු දෙකහමාරක් තිස්සේ විසඳා නැත. මෙයට හේතු වී ඇත්තේ රාජ්‍ය ආයතන 03ක් මීට සම්බන්ධ වී ලිපි ගනුදෙණු කරමින් සිටීමයි...

:       0       21

චින්තක Saturday, 29 January 2022 08:15 PM

ඔබේ අදහස දැක්කාම මතක්වුණා 2007 වසරේ විශ්‍රාමගත් ආරක්ෂක අංශයක හිටපු අයෙකුට තවමත් විශ්‍රාම වැටුප් සකසා නැති බව... ඔහුගේ බිරිඳ හා දරුවන් කියපු දේ. ඔවුන් කිව්වා සියලු ලියවිලි ලියාපදිංචි තැපෑලෙන් යැව්වත් අස්ථානගත වෙලාලු. දැනට ආබාධිත ඔහුට දුරබැහැර යන්නත් බැරිලු. දරුවන් බඩගින්නේ කාගේ හෝ වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා..!

:       0       1

සනත් ගමගේ Saturday, 29 January 2022 12:22 PM

ඉතාම හොඳ තීරණයක්.., රාජ්‍ය ආයතන ඵලදායි මට්ටම උසස් කියලා සම්මාන පිරිනැමීමක් සිදුවනවා. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ඒ උදවියට මේ අයිස් ගහන නිලධාරීන් ඇත්තටම අහුවුනේ නැද්ද? ඵලදායි කියලා සම්මානය දුන්නාම ඇති එම ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණෙන සේවා ලාභීන්ගෙන් ඇහුවානම් කියයි ඵලදායිතාවය ඒ අය බලන්නේ... පාට පාට ෆයිල් කවර, වල ලිපි ගොනු තබා ගැනීම, ලියන මේසය සලකුණු කරපු ස්ථානයේ තිබීම, විදුලි පංකාවට හා විදුලි බල්බයට අංකයක් ලබාදී තිබීම පාටපාට කොළවල වසර කිහිපයක දත්ත සටහන් කර බිත්තියේ එල්ලා තැබීම.., මේවායින් ඵලදායි වෙච්චි ආයතනවලත් ඔය අයිස් කුට්ටි නිලධාරී පිරිලා අනික තමයි රාජකාරී වෙලාවේ මඟුල් ගෙවල්, පිංකම් ගෙවල්, මළගෙදර, විශේෂයෙන් තම දේශපාලන පක්ෂයේ රැස්වීම්, වෘත්තීය සමිති මුවාවෙන් මේවා කරන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපට රුපියල් 5000කුත් දුන්නා. රජයේ නිලධාරින් මට්ටු කරන තද නීති අණපනත් ගේන්න ඕනමයි. ලක්ෂ 16කට විතරක් නොවෙයි. කෝටි 2ක් ඉක්ම වූ සමස්ථ රටේ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සොයන්න.. දැන් රජයේ සේවකයින්ට දුන්නා නම් හොඳටම ඇති...

:       0       19

සත්‍යපාල Saturday, 29 January 2022 04:57 PM

සනත් මැතිතුමාගේ කතාව සහතික ඇත්ත.. ඵලදායීතාවය කියන්නේ අමූලික බොරුවක්.. මොකද මමත් රජයේ සේවයේ හිටපු අයෙක් ලෙස කියන්නේ. මම දන්න එක් කාර්යාලයක සැමදා නඩත්තු කළයුතු ආයතනය ආරම්භ කළ දින සිට පවත්වා ගතයුතු ආයතනයේ විස්තර ගොනුවත් ලොග් සටහන් පොතත් ඵලදායීතාවය සඳහා විනාශ කරලා. මෙම සම්මාන දෙන්නේ පරීක්ෂණ කරන අයට දක්වන සැලකිල්ලේ තරමට මිස නිලධාරින් කරන සේවය අගය නොවෙයි. යෝජනා හා පැමිණිලි ලියන්නේ සේවාලාභීන් නොවෙයි... නිලධාරින් විසිනි. ඒ නිසා වහාම ඵලදායිතාවය නම් තොරතුරු සඟවා රාජකාරි මගහැරීම වහා නැවැත්වීමට කටයුතු කළයුතුයි. අතීත රජයේ කාර්යාලයක ජේෂ්ඨ පුරවැසියන් සඳහා ආසන වෙන්කර තිබුණත් ඵලදායිතාවය යටතේ සේවාලාභීන්ට සැලකීමක් නැහැ. ඔබ නාඩගම්කාරයින් බලන්නේ නම් වත්මන් රජයේ කාර්යාලයක සත්‍ය තත්වය තේරුම් ගතහැකියි.. ක්ෂේත්‍ර නිලධාරින් සමහරක් අය ගැන EDO ගෙන් බලාගන්න පුළුවන්...

:       0       8

Deepal Nirosh Saturday, 29 January 2022 01:42 PM

මෙම තත්ත්වය සෑම රාජ්‍ය ආයතනයකටම පොදු කරුණක්. හැබැයි මේ කියන 30-40%න් අති බහුතරයක් නිසි විධිමත් නිශ්චිත රාජකාරියක් නොපැවරුණු අයයි. අන්න එම තත්ත්වය සොයා බලා පිළියමක් යෙදීමයි වැදගත්. රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂමතාවට මූලිකව පාදකවෙලා තිබෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවයයි. රාජ්‍ය සේවකයින්ට ඊට කළ හැකි කේවල ධනාත්මක හෝ සෘණාත්මක හෝ බලපෑම ඉතා අල්පයි. අකාර්යක්ෂම යාන්ත්‍රණයට හසුවන ඕනෑම අයෙකුගෙන් කාර්යක්ෂම ප්‍රතිඵලයක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       0       13

Ruhunu Saturday, 29 January 2022 02:42 PM

ඊට වඩා හොඳයි කකුළුවන්ට කෙළින් යන්න ඉගැන්නුවා නම්. ඕවායේ ඉන්න කාලකණ්ණි මේ ආත්මෙට හදන්න බෑ.

:       0       15

gamaathi Saturday, 29 January 2022 02:53 PM

සියලු රාජ්‍ය ආයතනවල සීසීටීවී කැමරා සවිකර, රාජකාරී අවස්ථාවල රාජකාරිවල නිරතවනවාද? එසේ නැත්නම් රටේ පොදු කරුණු ගැන කතාබහ කරමින් සිටිනවද යන්න නිරීක්ෂණය කළ යුතුවේ....

:       0       11

සෞභාග්‍යය Saturday, 29 January 2022 03:55 PM

රජයේ සේවකයින් කාර්යාලයට එන්නෙම විවේක ගන්න තමයි. සෙනසුරාදා, ඉරිදා ගෙදර වැඩකරලා මහන්සිවෙලා ඉතුරු දවස් 5 විවේක ගන්නවා. බොරුනම් රජයේ සේවකයින්ගෙන් අහලා බලන්න සිකුරාදාට මූණවල් මැලිවෙලා තියෙන්නේ...

:       0       11

Prabha Saturday, 29 January 2022 04:25 PM

කාර්යාලයට ඇතුළු වෙනකොට දුරකථන ආරක්ෂක අංශයට බාරදීලා යන ක්‍රමයක් හැදුවා නම් ඉවරයි. හදිසි පණිවිඩයක් කාර්යාල දුරකථනය හරහා ලබාගන්න පුළුවන්නේ.

:       0       9

අප්පුහාමි Sunday, 30 January 2022 06:25 AM

මෙම අදහස නිවැරදියි රජයේ සේවකයින් හා නිළධාරින් සදහා දුරකථන වලට උපහාර සැලසුම් හදල දුන්නට පස්සෙ වැඩ කිරීමට වඩා වෙනත් දේ කරනවා.ඇමතුම් ගන්නෙ රජයේ දුරකථන වලිනි .මෙයට අමතරව රාජකාරි සදහා යතුරු පැදි අරගෙන විකුණා සංචිත වාහන පාවිච්චි කරන්නෙ තවත් පිරිසක් මාසිකව ලැබෙන ලිපිද්‍රව්‍ය දීමනා පුද්ගලික පාවිච්චියට ගෙන සේවා ස්ථානයේ ලිපිද්‍රව්‍ය කෙසේහෝ අරගෙන රජයේ දේපොළ අයුතු පරිහරණය කරනවා.(මේවා මගේ අත්දැකීම් )

:       0       0

Rohana Saturday, 29 January 2022 06:19 PM

වැඩක් නැතිව පුටුවක වාඩිවෙලා ඉන්නකෝ..! නිකම්ම නිදිමතක් එනවා. රාජ්‍ය සේවකයින් නිදිකිරීම සාමාන්‍ය දෙයක්. ගෙදරට නොදැනෙන නිදිමත කාර්යාලයට ආවිට ඉබේම ඇතිවෙන දෙයක්...

:       0       0

විපරමා Saturday, 29 January 2022 06:22 PM

අගනුවර එක්තරා දෙපාර්තමේන්තුවක ගෑනු කොට්ටඋර වලට මල් මහනවා, පත්තර බලනවා, ෆෝන් එකේ එල්ලිලා, ළමයින්ව ගේන්ඩ ඉස්කෝලේ ඇරෙන වෙලාවට යනවා. ගෙනත් කන්තෝරුවේ තියාගෙන කවනවා, පොවනවා, උගන්වනවා. වැඩක් කරගන්ඩ ගියාම අපිව පුලුවන් තරම් රස්තියාදු කරනවා. ගතමනාවක් දුන්නා නම් වැඩේ කරගන්න පුළුවන්.. රජයේ හුඟාක් තැන්වල ඔහොම තමයි...

:       0       10

janaka Saturday, 29 January 2022 07:07 PM

ඊළඟ ඡන්දයේදී තව රංචුවක් ජොබ්වලට දැම්මා නම් අපිට පුළුවන් මේ රටේ පුද්ගලික අංශයේ වැඩකරන අයට පුළුවන් අයටත් නිකන් කන්න දෙන්න, ඒ අය සියලු පහසුකම් ගන්නවා. පුද්ගලික අංශයේ වැඩකරන ජනතාව හිඟාකනවා. මේක පුදුම රටක්..

:       0       0

ජනතාව Sunday, 30 January 2022 12:36 AM

ඔය කෘෂි නිලධාරීන් කියන අය කාබනික පොහොර ව්‍යාපෘතියට සම්බන්ධ නොවූවාද? නොගත්තාද? ඔවුන්ට මේ පිළිබඳ දැනුම තිබුණා නම් රටට මෙසේ වූයේ ඇයි? මේ අයට ක්ෂේත්‍ර දැනුම නැතිනම්, එවැනි අයට පත්වීම් දුන්නේ කව්ද? හැබැයි රාජ්‍ය සේවයට අයිස් ගැසීම සඳහාම පැමිණ ඇති උපාධි නොවන පහළ අධ්‍යාපන තත්වයේ වැඩ බැරි වගේම වැඩ මගහරින අය වැහි වැහැලා බව ඇත්ත. දේශපාලනයට පාවිච්චි කිරීම හේතුවෙන් මේ මිනිස්සු හදන්න බැරි ඇඟ හොරුවෙලා ඉවරයි...

:       0       0

Alfred Sunday, 30 January 2022 08:43 AM

මෙය සම්පුර්ණයෙන්ම සත්‍යයක් මම මගෙ දැසින්ම දුටුවා , පසුගිය දිනක ජාඇල (A.G.Office) ප්‍රාදෙශියලෙකම් කාර්‍යලයට ගියෙ උප්පැන්න සහතිකෙ කොපියක් ලබා ගැනිම සන්ධහා එයට පැය තුනක පමන කාලයක් ගත කරන්නට විය .එය මට ප්‍රශ්නයක් නොවිය එහෙත් එම කාලය අතර මා අවට කාර්‍යල වල සෙවය කරන ආකාරය දුටුවෙමු. ලියන්න හහරිම කනකනගාටුයි .

:       0       0

jaga Sunday, 30 January 2022 02:26 PM

දැන්ද ඇහැරුනේ? පළමුවෙන් පාසල්වල ඉන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කටයුතු ගැන සොයා බලන්න... ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද? අප ආයතනය වලින් නිවාඩු දමා පාසල්වල වැඩකටයුතුවලට සහභාගි වීමත් රටේ සංවර්ධනයට වක්‍ර්‍රව බලපෑමක් සිදුවේ...

:       0       0

Bamunuarachchi Monday, 31 January 2022 05:18 PM

මේ සඳහා වෙබ් අඩවියක් අරින්න අපි දෙන්නම් නියමෙට..., නම් ටික ප්‍රමාද කරපු වැඩ, ගත්ත ඉල්ලපු පගාව මේ සියල්ලම ලියන්නම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 939 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site