IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


රාජපක්ෂලා-හෙන්චයියන් තීරණ ගන්න තාක්කල් රටේ ප්‍රශ්න විසඳන්න බෑ

(ඩයනා උදයංගනී)

රටේ වත්මන් අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පාර්ශවයන් දැන්වත් ගෙදර යා යුතු යැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (29) පැවසීය.

රාජපක්ෂලා මහ පුටුවල සිටිනතුරු සහ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නාතාක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ආයතන මෙහෙයවන තාක් ජාත්‍යන්තරය තුළ හෝ දේශීයව රට ගැන විශ්වාසයක් ඇතිනොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එබැවින් මෙම ගැටලුව තවත් දරුණු වී ජනතාව පුපුරන තැනට ගෙනැවිත් රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා අස්වී පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා, රහසිගත ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කරගෙන සර්ව පාක්ෂික පාලනයක් ඇතිකළ යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එළඹෙන මස 25 වනදා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1000ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ඇති බවත්, ඩොලර් මිලියන 250ක් අයිති සමාගමක් මේ වනවිටත් ලංකාවට එරහිව නඩු පවරා ඇති බවත් කී චම්පික රණවක මහතා එම නඩුවේ බලපෑම මත ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබීම පිළිබඳ විශ්වාසයක් නැතැයි ද කීවේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට, 43 වන සේනාංක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතුවලට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතු බව කී මන්ත්‍රීවරයා පහුගිය දිනවල මෙරටට බොරතෙල් ගෙන්වීමට මැදිහත් වී ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකකෙුට ගුවනට චන්ද්‍රිකා යැවීමට උදව් කළ සමාගමක් බව ද පැවසීය.



අදහස් (4)

රාජපක්ෂලා-හෙන්චයියන් තීරණ ගන්න තාක්කල් රටේ ප්‍රශ්න විසඳන්න බෑ

fairoos Wednesday, 29 June 2022 06:13 PM

හරියට හරි... නන්දසේන සහ නඩය ඉන්නකන් කිසිම රටක් ලංකාවට උදව් කරන්නේ නැහැ...

:       19       19

BamunuarachchiFriday, 01 July 2022 11:07 AM

ජෙප්පො සෙට්එක ආවමද ලෝකේ උදව් කරන්නේ? ඔහෙලාට පන්සල් ඉස්සරහා මස්කඩ දාගන්න අවසර ලැබේවි... ඔහේ නොදන්නවට පාට ලීත්.. ඒ කාලේ හෙන්චයියෙක් තමයි...

:       0       0

kasun Thursday, 30 June 2022 08:26 AM

අපි ඔයා ගැන හොඳට දන්නවා.. බබා නොවී ඉන්න...

:       0       0

Bamunuarachchi Thursday, 30 June 2022 08:42 AM

ගන්නා තීරණ වලයි වටිනාකම තිබෙන්නේ ගන්න පුද්ගලයාගේ නොවෙයි. ඉංජිනේරුවන්ට ගන්න බැරි වුණු තීරණ බාස්ලා ගන්නවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site