IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රංජන්ගේ පක්ෂයට එරෙහි පෙත්සම විසි වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

මහමැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු වන මහින්ද සේනානායක මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.

නාමයෝජනා ලැයිස්තුවක් බලරහිත කිරීම සඳහා ඉල්ලීම් කළ යුත්තේ රිට් ආඥාවකින් මිස මූලික අයිතිවාසිකම් පෙත්සමකින් නොවන බව පෙන්වා දෙමින් නීතිපතිවරයා සහ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්මන් සුරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ පෙත්සම  සලකා බැලීණි.

කැලණිය වනවාසල පදිංචි  මහින්ද සේනානායක මහතා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.



අදහස් (0)

රංජන්ගේ පක්ෂයට එරෙහි පෙත්සම විසි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site