
(උපුල් හේරත්)
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය කියයි.
අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.
රෝහල්ගත කෙරුණු ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහලට මාරු කළ බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
අනුරාධපුරයේ ටෙලි නාට්‍යයක් රූගත කිරීමේ කටයුත්තකට සහභාගී වී නැවත අනුරාධපුරයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි .
මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.




COMMENTS
මයිනාට සෙත් පතන්නත් රාජපක්ෂ පවුල සහ රජය රැක ගන්නත් තියෙන අවසාන තුරුම්පුව වන "මූකලන් යාගය" කරන්න රෑ දොළහට අනුරාධපුරේ කැලෑ අස්සේ රිංගන්න යනකොට ඔහොම වෙනවා. දැන්වත් මයිනාට හොරෙන් කඩේ නොගියොත් හොඳයි.
ඉක්මන් සුවය ලැබේවා...!
වහාම රෝහල් ගතකර ප්‍රතිකාර දෙන්න, මේ ඉන්දන නැති කාලෙක කොහේ යනවද , අලි පාරට ඒම වලක්වන්න මහා කානුවක් කැපුවෙ , ඒත් අලි ඇවිල්ලා හැබැයි පස් ටිකනම් එක එක දේශපාලන කාරයෝ ඇදගත්ත කියලා තමයි ආරංචිය
අලියට කරදරයක් නැහැ නේද?
අලියට කොහොමද දන්නේ නෑ නේද ?
ජැක්සන් කියන තැනැත්තා වණික් (vanik) incorporation එකෙන් වාහන ලෝන් එකක් අරගෙන ඒකට පොල තියපු එකෙක්. අන්තිමට වණික් corporation බංකොළොත් වුණා. මේක කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගමකි. අලියාගේ පහරදීම රක්ෂණයට අයිති වන එකක් නෙමෙයි. ඕක තමයි කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම කියලා.
අලියට මොකද වෙලා තියෙන්නෙ. ඒක ගැන කිසිම.සදහනක් නෑනෙ
අපොයි පැජරෝ එක. හරි හම්ඹ කරපු දේවල් දුක් මහන්සියෙන් ....
මුන්ට ඉස්පිරිතාල තියෙනව බේත් ගන්න....ඒත් අලියට කෝ....
මේකා (vanike) වණික් ඉන්කෝපරේෂන් එකෙන් වාහනයක් ගන්න ලක්ෂ 50ක ලෝන් එකක් ගත්තා 1990 දශකයේ අග භාගයේ දී. මූ එතකොට වැඩ කළේ එම ආයතනයට අනුබද්ධ ගුවන් විදුලි ආයතනයක. ඒක full lease එකක්. මේ හොරා සතයක් ගෙව්වෙ නෑ. පස්සේ මේ සමාගම බංකොලොත් වුණා. මෙම සමාගම කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගම. ඒකේ පාඩුවත් ජනතාවටයි. මූ පට්ට හොරෙක්. දේශපාලඥයන් සමග යහන්ගත වෙලා කරපු හොරකම් ගැන මෙහි කියන්න ඕනෙ නෑ ජනතාව දන්නවා. මේකට තමයි කියන්නෙ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා.
අලියට කරදරයක් අනතුරක් නැහැ නේද ?
අනේ, බේරගන්න හැම දෙයක්ම කරන්න...
වල් අලියාටත් අමාරුද දන්නේ නෑ..?
රටම ව්‍යාජ දුටු ගැමුණු කෙනෙකුට අන්දලා ජාතියක් අමාරුවේ දාලා බඩ වඩාගත්ත මිනිහෙක්.. වල් අලියට තේරිලා
මෙතුමා ඉතින් බුදු රජාණන් වහන්සේ ට තියෙන නෑකම් හොදින් දන්නා නිසා මේ හැප්පුනේ නාලාගිරි ඇතා වෙන්න බැරිද ?
ඔබට ඉක්මන් සුවය පතනවා. කලාවට ඔබ කළ සේවය තක්සේරු කිරීම ඉතා අසීරුයි.
අලියාට ඉක්මන් සුවය ලැබේවා…!
යන්වනම් දුටුගැමුණු ගෙ නැයාවත් අරන් යන්න.
තිදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි...!
පෞද්ගලිකත්වය රංඟනයට අදාලම නෑ, ඒ තැනැත්තාගෙන් සිනමා ක්ෂේත්‍රයට (කලාවට) රටට දෙයක් ලැබෙනවා නම්.... එතුමාට ඉක්මන් සුවය පතමු..!
අලියාගේ සෞඛ්‍ය තත්වය කොහොමද කියලා පරීක්ෂා කළේ නැද්ද?
මඩ සෝදා ගත්තු ගොවියෙක් රජකමටත් සුදුසුඉ ඒ මහා පොළොවේ මඩ. දේසපාලන නායකයන්ගෙන් තවරා ගන්න මඩ සෝදාගන්න පහසු නැත සමහර ඉහත ප්‍රතිචාර වලින් පෙන්නුම් කරන්නේ මේ බව. කෙසේඋවත් දක්ෂ කලාකරුවෙක් ඉක්මන් සුවය පතමි
කවුද ඔය ජැක්සන් ඇන්තනී කියන එකා? මයිකල් ජැක්සන්ගෙ සහෝදරයෙක්වත්ද? අනේ පලයන් බන් යන්ඩ. ඇඩ්‍රස් නැති එකෙකුට මහාලොකු කලාකාරයෙක් කියල මොකට කියනවාද? අර තමිල්නාඩුවෙ නිලිය මීනගෙ මිනිහ මලා කියල අපි මේ දුකෙන් ඉන්නෙ. එහෙනම් මූ මොන කෙහෙල්මලක්ද ඔයි.
මම කණස්සල්ලට පත්ව සිටින්නේ අලියා ගැන මිස මේ මිනිසුන් ගැන නොවේ...!
අනතුරට පත්වූ අලියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
අසරණ සත්ත්වයා ගැන කණගාටුවක් ඇත..... රටක් ඇන්දවීමට කටයුතු කල, දහදිය හෙලූ, පිදේනි ගොටු ඇල්ලූ අයවලුන් ගැන කිසිදු කණගාටුවක් නැත්තේමය...
ඉක්මන් සුවය...!
දේශපාලන වශයෙන් මම ඔහුට 100%ක් විරුද්ධයි. ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවට මම ඉතාම ගරු කරනවා. ඒ රංගධරයන්ගේ ඉක්මන් සුවය මගේ එකම පැතුමයි. අනිත් දෙදෙනාටත් ඉක්මන් සුවය පතනවා. හදවතින්ම... අපි දැනටමත් ලොකු වැටිල්ලක ඉන්නේ...
පාටලිගෙ වාහනෙ හැපුනනම් රොහල් ඇදේදීම චෝදනා පත්තරෙ බාරදීලා.
දන්නේ නැති නිසයි අහන්නේ.. රටේ දොස්තර කෙනෙකුට, ලෙඩෙකුට, රෝහලකට යන්නවත් ඉන්ධන නැති වෙලාවේ මේ මහත්තයා අනුරාධපුරයේ ටෙලි නාට්‍යයක් රූගත කරන්න ගියේ කොහොමද? කෙසේවෙතත් ඉක්මන් සුවය පතමි.