( තිළිණි ද සිල්වා )
කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇත.
ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව යොහානි ද සිල්වා කියා සිටින්නීය.
30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමන් මේ බව පවසන්නීය.
සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.
‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ ප්‍රතිනිර්මාණය කෙරෙහි ඉන්දීය ජනතාව දැක්වූ ආකර්ශනය තමාට තවමත් අදහාගත ෙනාහැකි කාරණයක් බවද ඇය කියා සිටින්නීය.
ඉන්දියාවේ ප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් වන සී ලයිව් ඉන්ඩියා සමාගම හා සූපර් මූන් යන ආයතනය යොහානී ගේ මෙම සංගීත ප්‍රසංග දෙක සංවිධානය කරනු ලබයි.
මේ අතර ගායිකා යොහානි ද සිල්වා ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තනාපතිනි යොහානි ද සිල්වා වන බවත් , ඇය මේ වන විට ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතක් බවත්ය.
COMMENTS
සුබ පතනවා.
යනකොට අර රැප් කරන ටිකව හලලා යන්න, යෝහනිගේ සින්දු වල බාගයයි අහන්න පුළුවන් හැම එකකටම දාන කබල් රැප් කෑලි ටික හින්දා
කොපි සින්දු. කිසිම තේරුම නැහැ
දේශපාලුවන්ට බැරි දේ කලාකරුවන්ට කලහැකි බව යලි තහවුරු කිරීම ගැන අපේ ඇගයීම හා ආශීර්වාදය…
අපේ මවුබිම දේශපාලනය විසින් උතුම් ගුණධර්ම, යහ පැවැත්ම, පෞරාණික වටිනාකම්, රටේ සෞඛ්‍ය අන්තයටම විනාස කරලා තියෙන අවස්ථාවක යොහානිගේ දක්ෂකම මුළු ලොවටම විදහාපැම ඉතාම අගය කල යුතු දෙයක්.
ඇය යන ගමන ගැන කිසිම ගැටළුවක් නෑ. ඇයට සුබ පතනවා. නමුත් මට දැනෙන විදිහට ලෝකයම හඹා යන්නේ හිස් දේවල් පසුපස. අර්ථවත් දෙයකට මෙවැනි ජනප්‍රියත්වයක් ලැබෙනවා අඩුයි. මේ සිංදුවේ ගතයුතු හරයක් තිබෙනවාදැයි මට නම් දැනෙන්නෙ නෑ. ඇයගේ පිනක් පලදෙනවා එච්චරයි .
අපිට අපේ ජාතියට ලොකු ගෞරවයක් ,සමහර රටවල් දන්නේ නැහැ සිංහල භාෂාව ගැන ,සිංහල ගීත ඉන්දියාවෙන් ලැබුන සහයෙන් ලෝකය පුරාම යනවා .අපි කැමති අපේ ගායිකාවක් ලෝකේ ටොප් ලෙවල් එකේ ඉන්නවා යොහානිට සුභ පැතුම් .ගුඩ් ලක්
සාමාන්‍යයෙන් මා රැප් ගීත අහන්නේ නැහැ. ඒත්, යොහානිගේ මේ ගීතයට අමිතාබ් බච්චන් දැඩිව ඇලුම් කරනා බව ඇසීම නිසා ඒ ගැන මා සොයා බැලුවා. ඇත්තටම, අමිතාබ්ගේ රසඥතාවයට ස්තූතියි. බොහෝ දෙනා වගේම මාත් ඒ ගීතයට කැමතියි. රැප් ගීත ගැන මා සිතපු ආකාරය වැරදියි. ඒත්, මා ඒ තත්ත්වයට වැටුණේ, බොහෝ රැප් ගීත හරියට කෝච්චියක ශබ්දයේ ඇති කරදරය වගේ නිසයි. ඒත්, හැම රැප් ගීතයක්ම එසේ නොවන බව යොහානි අද අපට ඔප්පුකොට තියෙනවා. ඒ නිසාම සමහර රටවල අය මේ ගීතය ගායනා කොට ඇති අවස්ථාත් මම නැරඹුවා. ඒ අය අපේ සිංහල වචන උච්චාරණය කොට ගීතය ගායනා විට හිතට දැනෙන්නේ පුදුම අභිමානයක්. ඔයාට බොහෝමත්ම ස්තූතියි යොහානී, දේශපාලකයන් කාපු අපේ රටේ නමට ගෞරවයක් ගෙනදුන්නාට...
පැවැත්වීමට නියමිතව ඇත. පව් නේද බන්...!!!
යොහානිගේ සිංදුවේ අමුතුම මිහිරි ගතියක් දැනෙනවා. ඒක එයාගේ වාසනා ගුණයක් වෙන්න පුළුවන්. ඇයට සුබ පැතුම්, තවත් ඉදිරියට යන්න ලැබේවා..!!!
සර්ට කඩේ එහෙම යන්නේ නැහැ හොඳේ...
මේ ළමයාට දෙන ප්‍රචාරය පිටුපස ලොකු දේශපාලන බලපැමක් තියෙන බව පැහැදිලිවම පේනවා.
දේශපාලකයින්ට මුට්ටි අල්ලන ලංකාවේ නලා කාරයින් අප්‍රසන්න වී සිටි සමයක, ඔබ වැනි දක්ෂ ගායිකාවක් මේ රට තුළින් බිහිවීමත් භාග්‍යයක්. අසීරුවෙන් වීසා එකක් අරගෙන පිටරටකට යන්නවත් සුදුසු කමක් නැති ඒ නින්දිත නලාකරුවන් අතරේ ඔබ සැබෑම කලාකාරිනියක්. ළිං මැඩි නලා කරුවන් මේ ළිඳ තුළ බකබක ගාවි, එ්ත් ඔබ වැනි දක්ෂයින්ට ලෝකය විවෘතයි. ජයවේවා!!
මේ ගීතයේ මුල් අයිතිකරු ඉන්නවා. ඒ මනුස්සයා ගැන සද්දයක් නෑ..
සංගීත ප්‍රසංගයෙන් උපයන එක ඩොලර් එකක්වත් ලංකාවට ගේන්න එපා. සිංගප්පූරු ගිහින් ඩොලර් ගිණුමක තැන්පත් කරලා එන්න.
ලංකාවෙ පුද්ගලයෙක් දියුණුවෙනව දකිනකොට ලංකාවෙම කාලකණ්ණි මිනිස්සුන්ගෙ ඇස් වලට කටු අනිනව වගේ.. මොකක්හරි ඇදයක් හොයලා ඒ මිනිහව නැති කරනකන් නින්ද යන්නේ නෑ.
සුබ පැතුම්
හින්දි ගීත කීපයක් කියන්න සුදානම්ව යන්න.