පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. අවසන් තරගය තත්පර 10.14 කින් අවසන් කරමින් මේ සුවිශේෂ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකි විය. ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය සටහන් වෙයි. මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.
COMMENTS
well done boy best of luck
විශිෂ්ට යි. ලක් මාතාවගේ සාඩම්බර පුත්‍රයෙක්.
You have earned great respect for our country SRI LANKA Blessing you triple gems and god bless you!
අරගල බ්මේ හැමදෙයක්ම නිකං දියව් කියන තරුණයන් ඉන්න රටක යුපුන් ඔබ රට වෙනුවෙන් මීටර 100ක් ඉදිරියෙන්. ඔබට ජාතියේ ප්‍රණාමය.
විශිෂ්ටයි... සුභ පැතුම්.!
නියමයි සහෝදරයා... !
Congratulations!! Keep it up!!
Congratulations
ඔබේ දක්ෂතාවය ඉතාම විශිෂ්ඨය. අපේ සුබපැතුම්...!
ගොඩක් සතුටුයි. නමුත් පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනල තියනව. එය ගැන මීට වඩා කතා වෙන්න ඔනි නෙ. සමජ මද්‍යවල සටහන් දාන කෙනාම නෙමේ දක්ශය සමහරවිට.
මෑත කාලයේ සිංහ කොඩිය කරේ දවටාගෙන, ඉනේ දවටාගෙන, හිස කපා දැමූ කුකුළන් මෙන් දෙස් විදෙස් ජනමාධ්‍ය කැමරා ඉදිරියේ එහාට මෙහාට දුවමින්, වීරයන් වන්නට උත්සාහ කළ කාඩ්බෝඩ් වීරයන්ට මෙන්න නියම තරුණ වීරයෙක්ගෙන් කදිම පාඩමක්. යුපුන්, ඔබට ජය ශ්රී!
ක්‍රීඩා නිලදාරින්ගෙ ලොකු සහයක් නැතිවත් ඔබ මෙ දක්වන දස්කම් වලට අපි හිස නමා ආචාර කරනව පුතා.. ඔබට දෙවි පිහිටයි.. තවත් ඉඩිරියට යන්න ලැබේවා..
අති විශිෂ්ටයි.....හෘදයාංගම සුභ පැතුම් පුතා......
ගොඩක් සතුටුයි. සුභ පැතුම්. හැබැයි තමන්ට මුකුත් ලැබුණේ නැහැ කියලා නම් කියන්න එපා. ක්‍රීඩකයෙක්ට කිසිම දෙයක් ලැබුණේ නැහැ කියන එක විශ්වාස කරන්න අමාරුයි. සුපුන්ට හොද අනාගතයක් තියෙනවා ඒක නැති කර ගන්න එපා. අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි. ලැබුණ් දේවල් ගැන කතා කලොත් අගය සහ ආදරය වැඩි වෙනවා මධ්‍යස්ඨ බව නිසා.
සතුටුයි ගොඩක්. ආයෙත් අර ඇඟිල්ලක් දික් කරන් ඉන්න එපා හැම පින්තූරෙම. ඒක මහ විකාරයක් වගේ.
මෙරටට ඇවිත් ඔබ දැක්වූ හපන්කම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. මේ රටවල තියෙන පහසුකම් ලංවේ නැති බව අපි දන්නවා. ඔබට සුබ අනාගතයක් උදාකරගන්න ශක්ති ධෛර්යය ලැබේවා.