IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


යුද හමුදා ඇදුම් ලග තබාගත් අ‌යෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

යුද හමුදා ඇදුම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි  මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන වැලිගම සහන් සහ දෙහි බාලේ නැමැත්තන්ගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 210 ක් සමග වැලිගම බණ්ඩාරවත්ත විහාර මාවත ප්‍රදේශයේදී ඊයේ (12) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම, පිටිදූව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු නිවෙසේ සගවා තිබූ යුද හමුදා කමිස 9 ක්, යුද හමුදා නිල ඇදුම් කළිසම් 4 ක්, යුද හමුදා ක්‍රීඩා ටී ෂර්ටයක්, යුද හමුදා ටයි පටියක්, හමුදා කැප් 2 ක්, බෙරස් තොප්පියක්, යුද හමුදා ඉන පටියක්, යුද හමුදා නිල ලාංඡන 4 ක්, තහඩු නාම පුවරු 2 ක්, රෙදි නාමපුවරුවක්, පතොරොම් ගැබ් රදවනයක් ඇතුළු දේපොළ පොලිසිය සොයාගෙන ඇත.

එහිදී වැඩිදුරටත් කළ විමර්ශනවලදී සැකකරු නිවෙසේ සගවා තිබූ කඩුවක්, පිහියක්, මත්ද්‍රව්‍ය ජාවාමෙන් උපයා ගත් බවට සැක රුපියල් 99,000 මුදලක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන ඇත.

වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

යුද හමුදා ඇදුම් ලග තබාගත් අ‌යෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site