
(යොහාන් භාසුර)
කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
එහිදී විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“යුක්රේනය කියන්නේ මොකද්ද රට. ?”
“යුක්රේනයේ එකොළොස් ලක්‍ෂයක් ලේ කොරෝනා හැදිලා ඉන්නවා. දැනටමත් 19,000 ක් මැරිලා. අපේ ඒකපුද්ගල ආදායමටත් වඩා අඩුයි. යුක්රේනයේ අයට රස්සා නැතුව ජර්මනියට, එංගලන්තයට ගිහිල්ලා පාලම් යට, පාරවල් ඇතුළෙ, බස්වල ගිහිල්ලා පිට් පොකට් ගහනවා. ඒ ආර්ථික වැටිලා. ඒ හිඟන යුක්රේනයෙන් තමයි උදයංග වීරතුංග දැන් 456 ක් විදේශිකයො ගෙන්නුවේ”
“පසුගිය මාර්තු 12 වැනිදා සිට යුක්රේනයේ පාසල් ඔක්කොම තාම වහලා. ජනවාරි මස 8 වැනිදා සිට ජනවාරි 24 දක්වා යුක්රේනය ලොක්ඩවුන් කරන්න ඕන කියලා යුක්රේන අගමැති කියනවා. ලෝකෙ සංචාරකයො ගේන්න රටවල් නැද්ද?”
“රට සහ ජනතාව අනතුරට දාලා උදයංග වීරතුංගට ඕන විදියට මේ රටේ ජනතාවගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ පාපතර ක්‍රියාවට ඉඩ දෙන්න එපා”
“කවුරුත් දන්නවා උදයංග වීරතුංගව. මොහුව හොයන්න කියලා රතු නිවේදනය නිකුත් කළා. ජාත්‍යන්තර පොලිසිය වරෙන්තු නිකුත් කළා. හැබැයි කොරෝනා මරාන්තික බියෙන් වෙලිලා ඉන්න වෙලාවේ, අවධානය ඒකට තියෙන වෙලාවේ, තමුන්නාන්සේලා ඒ උදයංග වීරතුංගව ලංකාවට ගෙනල්ලා උසාවියෙන් ඇප දීලා නිදහස් කරගෙන දැන් මේ කරන ජාවාරම මොකක්ද? දැන් කොරෝනාව ගරානාවක් කරගෙන තියෙන්නේ”
“අද දහස් ගාණක් අම්මලා තාත්තලා රටට එන්න විදියක් නැතුව සිටියදී උදයංග වීරතුංග කියන පුද්ගලයා තමයි යුක්රේනයෙන් කටිට්ය ගේන්නේ”
“ඒ ගෙනාපු කට්ටිය නිරෝධායන නීති උල්ලංඝණය කරලා හැසිරිච්ච හැටි මුළු රටම දැක්කා”
“උදයංග වීරතුංගට කෝ කොරෝනා නීතිය. මුළු රටම දැක්කනේ උදයංග වීරංතුංග කොරෝනා නීතිය උල්ලංඝණය කරනවා. එක රටක් එක නීතියක් කිව්වා. එක රටක් එක නීතියක් නම් වාහාම උදයංග වීරතුංගව නිරෝධානය කරන්න ඕනේ. දවස් 14 ක් යවන්න ඕනේ නිරෝධානය මධ්‍යස්ථානයට. එහෙම කරන්නෙ නෑ”
“අහිංසක සෆාරි රියදුරන් 28 ක් ගිහින් දැම්මා. දැන් ඔවුන් කියනවා බලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ නිසා යුක්රේනයෙන් ඇවිල්ලා තිස්සමහරාමෙත් කෑවා, යාලත් කෑවා මුළු රටම නැති කරා කියලා”
“දෙවැනි කොරෝනා රැල්ල ඇති වුණේ යුක්රේන ජාතිකයකුගෙන් කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය මේ පාර්ලිමේන්තුවේ විවෘත කිව්වා” යයිද විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
COMMENTS
යහපාලනයේ ගරානා පාර නැතිව වියරු වැටුණු යටත් විජිත... යහපාලනයේ කිසිම වරදක් නොදුටු ජෙප්පන්ට දැන් වැරැදි පෙනෙන්න පටන් අරගෙන... රට හැදෙන්න නම් නුඹලා අතුගෑවිලාම යා යුතුයි.
අසව්... අසව්... අරයාට, මෙයාට කඩේ ගිහින් දේශපාලනේ ගරනාවක් කරගෙන ඉන්න කෙනෙක් තමයි මේ කතාව කියන්නේ. පක්ෂය පටන් ගත්තු දවසේ ඉඳන් රටට කළ එක වැඩක් කියන්න බලන්න. පොල් ගස් කැපුවා.., බෝක්කු පිපිරෙව්වා... ඇරෙන්න.
3% හරක්ට තේරෙන්නේ නැති හැටි... යුක්රේන් ජාතිකයෝ ආවේ සල්ලි තියන නිසානේ නැතුව අපෙන් ඉල්ලන් හෝටල් වල ඉන්නද? වේලෙන හෝටල්වලට එ්කත් පොද වැස්සක්. නුඹලා ඔය කියන රටවල් වලින් කවුරුහරි ගෙනත් පෙන්නන්න. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. බල්ලා පිදුරු කන්නෙත් නැහැ... කන ගොනාට කන්න දෙන්නෙත් නැහැ.
ඇති නැති පරතරය සහෝදරයා. ඔක්කොම දුප්පත් නැහැ. ඔය 456 සල්ලි තියෙන්නේ මිනිස්සුද දන්නේ නැහැ.
ඔබ පවසන පරිදි යුක්රේනය හිඟන රටක් නොවේ. ලොව 74 වන ආර්ථිකය හිමි රටකි. කාර්මික නිෂ්පාදනවලට ප්‍රචලිත රටකි. ඔවුන් යුද, ගුවන් යානා සහ අවි ආයුධ ද නිෂ්පාදනය කරයි. විපක්ෂය වූ පමණින් යම් රටක අභිමානයට හානි නොකරන්න. අපේ රටේද විදේශ සංචාරයේ යන ජනතාවක් ඇත. එ්ත් අප රට පොහොසත් රටක් නොවේ.
උඩ ප්‍රතිචාර බැලුවාම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ තරම... හැමදාම එක එක පක්ෂවලට කඩේ යන එක තමයි කළේ.