
(සුජිත් හේවාජුලිගේ )
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කළ බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
එම නිල නිවසට අදාල ගෙවල් කුලිය පවා ඇය තවමත් ගෙවා නැතැයි වාර්තා වෙයි.
මේ තත්ත්වය නිසා බංගලාව නිත්‍යානුකූලව බාර ගැනීම කළ නොහැකිව ඇතැයි පවසන අමාත්‍යංශ නිලධාරිහු මේ කටයුතුවලදී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන තත්වයක්ද පෙනෙන්නට ඇතැයි ප්‍රකාශ කළහ.
එම බංගලාව හැරෙන්නට හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ අනෙකුත් සියලුම බංගලා බාරදී අවසන් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ බංගලාව ලබන 12 වැනිදා බාර දෙන බව ඒ මහතාගේ දියණිය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප නීතිඥ චමරි පෙරේරා මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
COMMENTS
මේ අය ඡන්දෙ ඉල්ලන්නත් එනවනේ...
නාමල්ගේ විදුලිබිල සනත් නිශාන්ත ගෙවා දැමිය සනත් නිශාන්තගේ ජලබිල සහ විදුලි බිල නාමල් ගෙවනු ඇත
භූතයෝ එළවන්නත් මීට වඩා ලේසියි...
නීතීගරුක වෙන්න.
නඩු දාලා ගෙවල් කුලිය අයකරගන්න ඕනේ. ගෙවන්නේ නැත්නම් හිරේ දාන්න ඕනේ...
මැරිලත් රටට බදුගෙවන ජනතාවට නිදහසක් නැති හැටි....
ඇයි නීතිමය තතිවයක් නැද්ද මේ වගේ අයට දඬුවම් කරලා වන්දිත් ගන්න...!
නාමල් මහත්තයා ඔන්න ඔබට මියගිය සනත් නිශාන්ත මහතාට ප්‍රති උපකාර කිරීමට අවස්ථාවක්...
මස් මාළු කන්නේ නැති, අරක්කු, සිගරට් බොන්නේ නැති අයට කියපල්ලා...
Lalith, දන්නේ නැද්ද එතුමිය නීතීඥ වුණාට දේශපාලක බිරිඳක්...
කළින් කයිවාරු ගැහුවට මේවගේ සුළු දෙයක්වත් කරගන්න බැරි කෙනෙක්නේ අපි ජනාධිපති කරගත්තේ. කොහොමද කයිවාරුව? කියවනවා වගේ ලේසි නැහැ කරනකොට... නේද?
ඔක්සිජන් කන්නාගේ ගෑණි. මේ අය තව ඡන්දෙටත් ඉදිරිපත් වෙන්න හදනවනේ...!
මෙයා නිතිඥවරියක්. නීතියට පටහැනිව යනවා. මෙයාලාගේ පාලන කාලේ හිටපු හැටි හිතාගන්න මෙතැනින්ම පුළුවන්...
මම මැරුණත් මගේ නම තියෙන මගේ ගෑණි. වලේ හිටියත් ආදරෙයි
නීතීඥවරියක් නීතියට විරුද්ධව කටයුතු කරනවා නම් අධිකරණ කොමිෂන් සභාවට ඒ ගැන ක්‍රියාකරන්න ක්‍රමවේදයක් නැද්ද?
බයවෙන්න එපා අප්පච්චී ගෙයක් දෙයි... හා බලමු.
මේ අරගලයට පහරදුන් මයිනගේ පාහරයෙකුට දුන්න ගෙයක්. මේ ඔක්කොටම හිර දඬුවම් දෙන්න ඕනේ. ගෑණුකෙනත් ලොකුකම අරගෙන වගේ. නීතිඥයා කියන්නේ කවුද? ඒකත් ජොබ් එකක් පමණයි. රජකමක් නොවේ...
නීතිය ගැනවත් දන්නේ නැහැ. හොර පෙරකදෝරුවාටම හරියනවා.
ගෙවලා දානවා ඇති...
හට්ටි, වළන්, පැදුරු, කොට්ට ආදිය එක්ක මුළු සේසතම එළියට විසිකරා නම් මේ අබ්බගාත සමයම නිකන්ම රජ බංගලාවෙන් දොට්ට යනවා...!!! ඒක කරන්න පුළුවන් අය රට වටේම ඉන්නවා...!
මේ අයත් එදා වාහනේ හිටියා නම් ඔහොම කරදර වෙන්නේ නැහැනේ...
සලකුණ ටෙලිෆෝන් එක වුණාට කවුරුවත් උස්සන්නේ නෑ.