IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


යල කන්නයේ වගා කළ කුඹුරු ප්‍රමාණය ප්‍රකාශයට පත් කරයි

(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය මේ වනවිට හෙක්ටයාර් පන් ලක්ෂ පන්දහස ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වාර්තාවක් මගින් අද (07) දින තමාට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පැවසීය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී පොහොර බෙදා හැරීම සම්බන්ධව සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවෙිදී අමාත්‍යවරයා මෙම දැනුම් දීම කළේය 

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජිකා වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය අතිශයින්ම වැදගත් වන බව  සඳහන් කළේය.

මෙවර යල කන්නයේ ජූනි මස පළමු සතියේදී වගා කර තිබූ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් දෙලක්ෂ තිස් අටදහසක් වූ  නමුත් ඉලක්ක කළ කුඹුරු ප්‍රමාණයට වඩා දෙගුණයක් කුඹුරු වගා කිරීමට ගොවි ජනතාව කැපවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.



අදහස් (1)

යල කන්නයේ වගා කළ කුඹුරු ප්‍රමාණය ප්‍රකාශයට පත් කරයි

Sunil Friday, 08 July 2022 09:02 AM

මෙ ගනන් හිලවු ගැන නම් කිසිම විශ්වසයක් තැබිය නොහැක. මෙයත් හිටපු කෘශිකර්ම ඇමති මෙන්ම ලොකු බොරුකරයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site