IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යුද්ධය නිමා කරන්න පුටින්ගෙන් කොන්දේසි 6 ක්

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කර සාමය උදා කර ගැනීම සඳහා කොන්දේසි 6 ක් ඉදිරිපත් කර තිබේ. ඒබීසී පුවත් පතට අනුව යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි 6 පහත පරිදි වේ.

1.යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා නොගත යුතු අතර කිසිවෙකුටත් පක්ෂපාතී නොවූ මධ්‍යස්ථ රටක්    ලෙස යුක්රේනයේ නිල ස්ථාවරය වෙනස් විය යුතු වේ.

2.ක්‍රයිමියා අර්ධද්වීපය රුසියානු භූමියක් ලෙස යුක්රේනය පිළිගත යුතු වේ.

3.ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජ සමුහාණ්ඩු නිදහස් රාජ්‍යයන් ලෙස පිළිගත යුතු වේ.

4.රුසියාවට තර්ජනයක් වන සියලුම අවි ආයුධ යුක්රේනය බිම තබා නිරායුධ විය යුතුය.

5.යුක්රේනයේ ජාතිවාදී අදහස් වෙනස් විය යුතු අතර කලින් ජනාධිපති පුටින් පැවසූ පරිදි යුක්රේනයේ රජය වෙනස් විය යුතුය.

6.යුක්රේනයේ දෙවැනි නිල භාෂාව රුසියානු භාෂාව විය යුතු අතර එයට බාධා වන නීති යුක්රේනය විසින් ඉවත් කළ යුතුය.

පෙබරවාරි 24 දින රුසියාව විසින් යුක්රේනයේ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග මේ දක්වා රුසියාවට ජාත්‍යන්තර සම්බාධක රාශියකට මුහුණ දීමට සිදු වී ඇත.

මෙම යුද මෙහෙයුම අවසන් කිරීම සඳහා පුටින් විසින් මෙම කොන්දේසි 6 ඉදිරිපත් කරනු ලැබුවත් යුක්රේන රජය පැවසුවේ රුසියාවේ මෙම කොන්දේසි යථාර්ථවාදී නොවන බවය.

(රොයිටර්)



අදහස් (8)

යුද්ධය නිමා කරන්න පුටින්ගෙන් කොන්දේසි 6 ක්

Gayan Friday, 18 March 2022 04:18 PM

මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් ද පීඩාවට පත්ව ආර්ථික වශයෙන් දැඩි පසුබෑම්වලට ලක්ව සිටින බොහෝ රටවලට මෙම කුරීරු යුද්ධය නිසා තවත් පීඩාවිඳීමට සිදුවනු නොඅනුමානයි. රටකට තමන් කැමති රාජ්‍යයන් සමග රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්වීම අවහිර කිරීම තවත් රාජ්‍යයකට නොගැලපෙන අශිෂ්ඨ ක්‍රියාවකි. මෙහිදී නේටෝ සංවිධානය යුදමය ක්‍රියාමාර්ගයක අවතීර්ණ නොවන්නේ පුටින්ට ඇති බිය නිසා නොව එවැනි ක්‍රියාමාර්ගයක් තුන්වන ලෝක යුද්ධයක් පටන් ගැනීමට හේතුවන බැවින් සහ එම යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වීමෙන් පෘතුවිය මිනිසුන් මෙන්ම සියලු ජීවීන්ට වාසයට නුසුදුසු මල ග්‍රහලෝකයක් බවට පත්වීමට බොහෝවිය හේතුවිය හැකි බැවිනි. බොහෝවිට මෙරට මිනිසුන් මේ අර්බුදය දෙස බලන්නේ වාමාංශික දේශපාලකයින් විසින් ගොඩනගන ලද බටහිර විරෝධී විග්‍රහයන් මත පදනම්වයි. අධිරාජ්‍යවාදය යනු ඇමරිකාව ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල් වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය කීරීම පමණක් නොව රුසියාව, චීනය වැනි රටවල්ද යුදමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් අන් රටවල් අස්ථාවර කර තමන්ට හිතවත් පාලකයින් පත් කිරීමද අයත් වේ.

:       246       28

සමන්ත Friday, 18 March 2022 06:01 PM

​ඔය ඔලුව නරක් වුණු අය කියන ඒවා කරන්න යුක්‍රේනයට අමාරුවක් ඇතැයි කවුරුත්ම හිතන්නේ නෑ. පූටින්ට වැඩි දවස් නොයා නියම උත්තර ලැබෙයි.

:       123       30

MUWASaturday, 19 March 2022 08:12 AM

ඔබට ඒවා ඔළුව නරක් වුණු කතා ලෙස පෙනෙන්නේ මේවා බලන නිසා... පූටින් කියන්නේ රුසියාවේ ජනාධිපති...

:       4       26

Bandara Friday, 18 March 2022 08:43 PM

මේක හරියට 20 වැනි සංශෝධනයයි, 2/3 යි, තව මොනව හරියි ඉල්ලුවා වගේ...!

:       37       3

sampath Saturday, 19 March 2022 12:30 AM

මොන විකාර කතාවක්ද? ඕවා බලෙන් කරන්න පුළුවන් ඒවද? ඊට වඩා හොඳයි යටත් කරගත්තා නම්... අසල් වැසියාට සාමකාමීව නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. කරන්න බැරි වැඩ කියන්නේ...

:       25       4

Rohana Saturday, 19 March 2022 07:42 AM

ඒ ඒ රටට ආවේණික මතවාද වලට ඉඩහරිමින් යුද්ධ නොකර නිදහසේ ඉන්න බැරි මොකද? රුසියන් මතවාදය ඇමෙරිකාව පිළි නොගන්නා නිසා ඇමෙරිකාවේ යුද ශක්තිය අරගෙන ඇමෙරිකන් මතවාදය පිළිගන්න රටවල්, වැඩකරගන්න රටවල් වලට උදව් කරනවා... ලෝකයේ බහුතරයක් රටවල් රුසියන් මතවාදය පිළිගන්නේ නැහැ. ලෝකය විනාශකරන යුද්ධ වලට හේතුව මේකයි..

:       20       3

Jony Saturday, 19 March 2022 09:17 AM

ගහගනිල්ලා..ගහගනිල්ලා... මේ දූපතත් නැතිවෙනකම්ම ගහගනිල්ලා... එහෙමවත් සතුටු වෙන්න.

:       12       1

sanath Sunday, 20 March 2022 04:57 PM

පුටින්ගේ කොන්දේසි වල තියෙන්නේ කලින් හිටියා වගේ ඉන්න කියන එක විතරනේ. ඇමරිකාව ඇතුළු නේටෝවට ඕනෑ විදිහට නටන්න ගිහින් මේ දේ වුනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site