
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
යුක්රේන ජනාධිපතිවරයා සෙලෙන්ස්කී මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේය. යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවට ගොස් සිටින්නේ, නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවට සහභාගී වීමටය.
මේ අතර, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවෙමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවය.
රුසියනු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීයාව මැදිහත් වීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සෙලෙන්ස්කී ස්තුති කිරීමට ද අමතක කළේ නැත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
Bunny Preena Tuesday, 24 September 2024 10:50 AM
යුද්ධයකින් දිනන්න වෙන්නේ කවරුවත් නොවෙයි...ආයුධ වෙළන්දන්ටම පමණයි
ජයනාත් Tuesday, 24 September 2024 01:00 PM
මේ හීන දකින තව එකෙක් . තවම රුසියාව යුද්ධය පටන් ගත්තෙ නැහැ . කුලී හේවායො විතරයි තවම වැඩ.