
(අංජුල මහික වීරරත්න)
යුද්ධය දිගටම තිබුණොත් ඇමරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගෙන්වන්නට කටයුතු කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදීපැවසීය.
එම බොරතෙල් ලංකාවේ පිරිපහදු කිරීමට ඇති හැකියාව පිළිබඳ තහවුරු කර ඊට සූදානමින් සිටින හෙයින් ජනතාව කිසිසේත් අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ද රාජකරුණා මහතා කීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ට පිස්සු ! විපක්ෂය මිනිස්සු අවුස්සනවා. ලෝකේ යුද්ධයක් යද්දී, මිනිස්සු අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. රජයට තියෙන්නේ ,මේ පිස්සුව ,නවත්වන්න QR ක්‍රමේ දාන්න. කොහොමත් දැන් ගෑස් , තෙල් මිල ඉහල යනවා,ඒවාට මුහුණ දෙන්න රටක් විදියට වැඩ කරන්න විපක්ෂ සහය ගන්න රජය ඕනේ
අපිට බොරතෙල් දෙන්න ඒ රටවල් දෑත් දිගු කර ගෙන බලාගෙන ඉන්නව ඇති නේද? ඇයි වෙනිසියුලාව....අමතක වෙන්න බෑ...
රටේ සමහර ජන කොටස් හිතන්නේ ඉන්ධන සිරි කොතෙන්, සජබ සහ පොහොට්ටු මූලස්ථාන වලින් ලබාගන්න පුළුවන් කියලා නිසා පිට රටින් ගෙන්වන්න ඕන නැහැ.