(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 08, සහ 10 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (03) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.
මෙම පෙත්සම විභාගයට ගන්නා ලබන 10 වැනි දින නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා සිය දේශනය පැවැත්වීමට නියමිත බවද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කරයි