
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදී සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය විවෘත කරනවා.
එක්සත් අරාබිය සහ ලංකාව අතර ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වන කොමිසම අප ස්ථාපිත කළා.මෙතෙක් කල් අරාබි රටවල් මෙරට ආයෝජනයට බියෙන් සිටියා.අප අත්සන් කරන ලද කොමිසම හරහා ඔවුන්ට විශ්වාසය තහවුරු කර තිබෙනවා යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩි මහත්තයා දන්නේ නැතිව ඇති ලංකා ආණ්ඩුවේ ඉන්දියන් විරෝධය ගැන, ඉන්දියාව තරහා කරන ඉන්න බැරි කමට මූනිච්ඡාවට හිනාවෙලා හිටියට ආපහු හැරිලා සිංහලෙන් බනින කුහක හැත්තක් මෙහෙ ඉන්නේ...
ඉස්සර ඕවා කරන්න හදනකොට රට දියුණු වෙනවාට අකැමැති කාලකන්නි ටිකක් ඕවාට විරුද්ධ වුණා. දැන් ඒ සෙල්ලම් බෑ. අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඒවට බය නෑ. ජය වේවා මගේ මවුබිමට...
පාස්කු මිනීමරු මහමොලකරු මිනීවලවල් බලන්න වෙන්න ඇති එන්නේ...