(රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සදහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වීය.
මහනුවර සිට නානුඔය දක්වා අද දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රු.6000කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර ලබා ගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් දුම්රිය මැදිරිවලට ඇතුලු කර නොගැනීම හේතුවෙන් එම විදේශිකයෝ දැඩි ලෙස පීඩාවට පත් වී සිටියහ.
ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ ඇතුම් තැරැව්කරුවන් ශ්‍රී ලාංකික හැදුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඕඩිසි දුම්රියෙන් ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරිමේ ජාවාරම නතර කිරිම සදහා දුම්රිය සාමාන්‍යාධිකාරි වාණිජ ඩබ්ලිව්.ඩි. රංජිත් පද්මලාල් මහතා විසින් විසින් ජූලි මස 30 වන දින චක්‍රලේඛණයක්ද, උපදෙස් මාලාවක්ද නිකුත්කර තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මෙරට හැඳුනුම්පත්වලට විදේශිකයන්ට ඔඩිසි ටිකට් අරන් අමාරුවේ
pakeer Monday, 11 August 2025 05:18 PM
විදේශිකයෝ පවු... කොහොමත් අපේ කාලකණ්ණි ස්වදේශිකයෝ... ගාන කඩාගන්න ඕනම වැඩක් කරනවා... මේ විදේශිකයන්ට තියෙන්නේ... මේ වැරැද්ද කරපු සමාගම් වලට ප්‍රතිචාර දැම්මා නම් හරි..
janahitha Monday, 11 August 2025 05:38 PM
ටිකට් අරගෙන දුන්න හොරුන් අත් අඩංගුවට ගන්නේ නැතෙයි. මේ වැඩෙන් රටට විශාල හානියක් සිදුවෙනවා... මොවුන් දඬු කඳේ ගසා, ගල් ගසා දැමිය යුතුයි...
tissa Monday, 11 August 2025 06:33 PM
වංචාව මුල් බැසගෙන තියෙන සමාජයක් නිසි මගට ගැනීම කළ යුතුම දෙයක්...