
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි.
එම වැඩසටහනේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන තුනක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ තිබේ.
එම සමාලෝචනයේ කරුණු මේ වසරේ පෙබරවාරි අග වන විට ජාත්‍යන්තර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඊට අදාළව ප්‍රගතිය හා ඉදිරියට එම වැඩසටහන පවත්වාගෙන යාමේ ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදා හැරීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර , මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි