
(අයි ආර් ඉන්දික)
අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය.
ඇයගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන යන අයකු වන අතර මව ගෘහනියකි.
පවුලේ දෙවැනියා වු අයිෂා අමිනා දියණිය තම ජයග්‍රහණය සම්බන්දයෙන් මෙසේ කියා සිටියාය.
මම විභාගයට පෙර සිටම අරමුණක් තිබුණා. එක අරමුණක් සිට කටයුතු කළා .ඉලක්කයත් තිබුණා. වැඩිපුර විභග ප්‍රශ්න පත්‍රවලට හොදින් පෙනි සිටියා .බුද්ධ ධර්මය විෂය ඉගැන්වු ජිනරතන ස්වාමින් වහන්සේ ,ඉදුනිල් ,නුවන් , සුපුන් ,නලින් ,ලාලක, පංතිභාර ගුරුතුමා සුපුන් සර් ,අංශ ප්‍රධාන මංජුල යන සර්ලා මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියා .මට යාලුවෝ වගේ උදව්කලා .මට නිදහසේ අධ්‍යපන කටයුතු කරගන්න උදව්කරපු මගේ මව්පියන්ට ස්තුතිය පුදකර සිටිනවා.
ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරන්න ගුරුවරුන්ට කීකරුවෙලා වැඩකරන්න කියලා මම ඉල්ලවනවා. මගේ බලාපොරොතුව ඉංජිනේරුවරියක් වෙන්න . ඒ වෙනුවෙන් ගණිත විෂය උසස්පෙළට හදාරන්න සුදානම් වෙනවා .

COMMENTS
දුවේ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්...!!! අන්තාවදීන්ට නොරැවටී හොඳින් ඉගෙනගෙන තමන් උපන් රටට අවංකව තම යුතුකම්, වගකීම් ඉටුකිරීමට ඔබට අවස්ථාව උදාවේවා...!!!
දක්ෂ දිරිය සිසුවියට අප සැමගේ ප්‍රණාමය...!!! මේ ලෙස සමත් වන දරුවන් ජාති භේද ආදී පටු අරමුණු ඉවත දා රටේ පාලනයටද පැමිණිය යුතුයි. රට දියුණු කළහැකි වනුයේ ඔවුන්ටයි. එසේ නොමැතිව රට රවටන නූගත් අනුවණ පවුල් පාලනයන් වලට නොවේ...
අපෙන් සුබ පැතුම්..!!!
ඔබ ගැන ආඩම්බරයි දුවේ... ඔබේ අනාගත බලාපොරොත්තු ඉෂ‍්ඨ වේවා..!
කපන කොටන, තම මූලධර්මයට විරුද්ධ අය ඝාතනය කරන ‘‘ජිහාඩ්‘‘ න්‍යායෙන් මිදී, එක බිරිඳක්, එක ස්වාමි පුරුෂයෙක් සමග ජීවත් වන ධර්මය කොතරම් නිර්මලයිද? ඔබට මම නිර්මල බුදුදහමින්ම ආශීර්වාද කරමි.
ලොකු සතුටක් දැනෙන්නේ.., ඉදිරියට යන්න මගේ සුබපැතුම් ... සිංහල , බුද්ධාගම, දෙමළ වලට වගේම අනිත් විෂයන් සේරටමත් A9 ගත්ත මුස්ලිම් දුවක් ඉන්නවා. ජය ලැබූ සේරටම මගේ සුබපැතුම්...!!!
අයිෂා දුවට සුබ පැතුම්..! ඉදිරි අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න...
සියලු අහිංසක බලාපොරොත්තු සියලු ආකාරයෙන් සාර්ථක වේවා නංගී...!!! දෙවි පිහිටයි..!!!
දුවේ නුඹට හදවතින්ම සුබ පතනවා. සියලුම අභියෝග ජයගෙනමතු දවසක තම මව්බිම උසස් තත්වයකට පත්කිරීමට වාසනාව ලැබේවා. බුදුසරණයි..!
ඔබට දීප්තිමත් අනාගතයක් පතමි.
සංහිදියාවේ පුර්වාදර්ශ. තෙරුවන්සරණින් ජයම වේවා.
ඔබට ජය වේවා ..!!!
මගේ අක්කගේ පුතාත් ඒ 9... බුද්ධ ධර්මයට ඒ. පුතා යන්නේ නුගේගොඩ ඉස්කෝලයකට... අපිව ඈත් කළේ ඔය දෙකේම ඉන්න අය...
දියණිය ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබගේ ඉදිරි අනාගතය ජයෙන් ජයමවේවා...! තෙරුවන් සරණයි..!
තවත් එක් මලාලා කෙනෙක් නොවන්න (කාගෙවත් රූකඩයක්)... මොකද ඉදිරියේදී ඔබව ඉලක්ක කොට යම්යම් සංවිධාන ඔබ කරා පැමිණිය හැක. ඔබගේ අරමුණු කරා යන්න. ඔබට ජය හා ශක්තිය පතමි...
අපට හරිම ආඩම්බරයි ඔබ ගැන... හදවතින්ම සුබ පැතුම්...!
ඉගෙන ගැනීමේදී ජාති භේද, ආගම් භේද අදාල නැත. සිංහලයෙක් දෙමළ ඉගෙනීමද, බෞද්ධයෙක් කතෝලික ආගම ඉගෙනීමද කිසිම වරදක් නැත. එය ජාතික, ආගමික සමගියටත් උපකාරයකි. එම ශිෂ්‍යාවට සුබ අනාගතයක් පතමු. ජයවේවා...!
මේ මුස්ලිම් දරුවා ඇරෙන්න අනිත් මුස්ලිම් ඔක්කොම නරකයි...
හොඳ ආදර්ශයක් ආයිෂා. ඔබට උණුසුම් සුබපැතුම්. ඔබගේ අනාගතය සහ බලාපොරොත්තු සාර්ථක වේවා..!.
නමින් බෞද්ධයින් වුණාට කිසිම දැනුමක් නැති අය... අපි ඕනෑහැටියේ දැකලා තියෙනවා. ඔබ ගැන හරිම සතුටුයි .
ඔබට සුබ පතන අතර, ඔබ වෙනුවෙන් කැපවූ ගුරුමණ්ඩලයටත් ස්තුතියි..
විශිෂ්ඨයි... අපි උදව්කරන්න කැමැතියි. කරුණාකර ගිණුම් අංකයක් සඳහන් කරන්න.
දියණියනි, ඔබට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා...
සුභ පැතුම්
පාසලේ ගුරුවරුන්ටත් ස්තුති කරන්න ඕන
මෙය ශ්‍රේෂ්ඨ ආරංචියක්.මේ දැරිය සිය සියලු විෂයයන් උසස් ලෙස සමත් වන බව ඇසීම ගැන මම ඉතා සතුටු වෙමි. විශේෂයෙන්ම බුදු දහම උපන් ආගම ඉස්ලාමය බැවින් අද තරුණ සමාජය තුළ ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් පාසැල් විෂය මාලාවෙන් අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් සිරවී සිටිති. සමාජ මාධ්‍ය වෙබ් අඩවි කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැනි සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ දෙනෙක් තම අධ්‍යාපන සීමාවෙන් පිටතට ගොස් ඇත. ෆේස්බුක් ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් යනාදිය.
දුව ඔයාට සුබ පතනවා, ගොඩක් සතුටුයි. ඔයාගේ උත්සාහය තව තවත් වැඩි කරගන්න.
හරිම සතුටුයි... මොන ආගමක වුණත් වෙන්න ඕනේ මේක තමයි.. අපි ඉපදුණු රටට වැඩදායක දරුවන් පිරිසක් තමයි බිහිවෙන්න ඕනේ.. ආගම් බෙදාගෙන කුලල් කාගන්න නෙමෙයි. අපේ ලේවල නෑ ආගම, ජාතිය, කුලය... ඉන්න ටික කාලේ සියළුම දෙනා හොඳින් ඉන්න ඕනේ... බුදුසරණයි! දෙවි පිහිටයි!
පුතේ...මම ඔයාට ප්‍රතමයෙන් සුබ පතනවා.... අපේ වගේ රටක ඉහල තනතුරක් හෝ ඉහල සමාජ තලවල ජීවත් වෙන්න බහුතර ජන කොට්ඨාශය සමග සමගාමී අධ්‍යාපන රටාවක් පවත්වා ගන යා යුතුයි යන්න මගේ අදහස .... ඔයාට පුතේ ගොඩාක් ඉක්මනට ඔයාගේ ඉලක්කයන් වෙත පිවිසීමට හැකි වේවි කියලා මට හිතෙනවා උසස් පෙලත් මේ වගේම ඉහලින් සමත් වෙන්න
සුබපැතුම්...!!!
අමීනා අයත් වන්නේ බුද්ධිමත් අනාගත ලෝකයටයි. ලෝකයේ අනාගතය සුන්දර කරන්නට ඇයට සියලු භාග්‍යය ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
ඇත්තටම හොදයි
දරුවෝ ගුරුවරුන්ට ස්තුති කරනවා හැබැයි මේ අදර්මිස්ෂ්ට පාලකයෝ ගුරුවරුන්ට (කාලකන්නි ලු ) පව් දරුවෝ මහන්සියෙන් වපුරනවා. පාලකයෝ ඉහගෙන කනවා.. මෙදරුවන්ට නිදහසේ පිපී දිලෙන්න ලැබෙන්න කියලා අල්ලා දෙවියන්ට කියමු.
ඔබට සුබ පැතුම් දුව. ඔයාට බුදුසරණයි.
සුබ පැතුම් ආයිෂා ☺☺ මමත් O/L වලට A9 ගත්තා
කෙදිනක හෝ සිංහල බෞද්ධ දරුවෙක් ඉස්ලාම් ආගමට විශිෂ්ඨ සාමාර්ථයක් ගත් දිනයක මම බෙහෙවින් සතුටු වෙමි..