
(කේ බුද්ධික කුමාරසිරි)
තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.
මේ වන විට ලිපියක් තැපැල් කිරීම සදහා මුද්දරයක අවම මිල රුපියල් පණහක්ව පවතින බවත් තැපැල් දෙපාර්තුමේන්තුවේ පවතින පාඩුව අවම කර ගැනීම සදහා මෙලෙස මුද්දරයක මිල ඉහල දැමීමට තීරණය කල බවද ඒ මහතා පවසයි.
තැපැල් දෙපාර්තුමේන්තුවේ පසුගිය 2023 වර්ෂයේ දී පමණක් මිලියන 7000 ක පාඩුවක් ලබා ඇත.
COMMENTS
ලේකම්ටයි ඇමතිටයි තියෙන එකම උත්තරය ඕකද? ලැජ්ජා නැති මෝඩ නිලධාරීන්...!
තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් ඉහළ යාමට වැරැදි කළමනාකාරීත්වය හේතුවන බව පැහැදිලි සහ ඒකාබද්ධය. තැපැල් දෙපාර්තමේන්තුවේ තිරසාර කළමනාකාරිත්වයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය දේ කරන්න. දැනට අදාළ අවම තැපැල් ගාස්තුව දැනටමත් මහජනතාවට බරකි. එබැවින් අවම තැපැල් ගාස්තුව රුපියල් 100 දක්වා වැඩි කිරීමේ අදහසින් වළකින්න. එය මහජනතාවට දරාගත නොහැකි උද්දීපනයක් මිස අන් කිසිවක් නොවේ...
මේක නම් හරිම පුදුම ක්‍රමයක්! එතකොට මේ රටේ පාඩු ලබන හැමරජයේ ආයතනයකම පාඩු මකාගන්න හදන්නේ මහජනතාවගෙන් දෙගුණයක් අය කරලද?
මෙමගින් වෙන්නේ මුද්දර පාවිච්චියට ගැනීම තවත් අඩුවීම යි.
මේ දුර්දාන්ත ජනපීඩක රජය තමන්ගේ අකාර්යක්ෂමතාව සහ වැරැදි කලමනාකරණය, නිර්ලජ්ජී ලෙස ජනතාවගේ පිටින් යවන්නයි සැරසෙන්නේ. අනෙක, මේ ඉහළ දමන්නේ තැපැල්, මුද්දර වල මිල නොව තැපැල් ගාස්තුවයි. එයත් සුළු ප්‍රමාණයකින් නොවෙයි... සියයට සියයකින්. මේ ඔක්කොමලාව හැකි ඉක්මණින් ගෙදර යවමු.
පාඩු ලබන්නෙ නිළධාරි හා සේවකයින්ගෙ නොසැලකිල්ල අවංකභාවය නැතිකම මාසයකට වරක් දෙවරක්ම වැඩ වර්ජන කිරීම සහ අක්‍රමවත් පාලනය හා අසීමිත අඅතිකාල වැනි දීමනා ගෙවීම් කිරීම නිසා කියලා පැහැදිලියි ඇත්තටම අපිට කලකට පෙර මාසෙකට අවම වශයෙන් ලිපියක් දෙකක් ලැබීම සිදුවුනා ඒත් 2024 අවුරුද්දේ අද වනවිට ලැබිලා තියෙන්නෙ එකම එක ලිපියක් පමණයි සාමාන්‍යයෙන් සමහරක් එවුන් වැඩ කරන රාජ්‍ය ආයතන වෙතට මුද්දර සහිතව ලිපි කවරයක් යැව්වත් ඒකට වත් පිළිතුරක් නොඑවන ලොක්කො ලංකා රාජ්‍ය සේවයේ ඉන්නවා ඉතින් මුද්දර මිල වැඩකර ආදායම් සොයන්න හදනවා කියන්නෙ තනිකරම විහිලුවක් පමණයි.
මුද්දරේ ගාන ඉස්සුවම ඔක්කොම හරිද? අද කාලේ ලියුම් ලියන්නේ කවුද කියලා වත් සාමාන්‍ය දැනුමවත් නැති අය...
ජපානයේ තියෙන Japan post එක ගත්තාම රජයට 30-35% ඉතුරු ඔක්කෝම පෞද්ගලිකයි. සාම්ප්‍රදායික තැපැල් හැරුණාම බැංකු, රක්ෂණ, පාර්සල් ඩිලිවරි, e commerce වගේ විවිධ අංශ වලින් පොහොසත්... ලංකාවේ වුණත් ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් වංචා දුෂණ නැත්තන්...
තැපල් දෙපාර්තමේන්තුව කියන්නේ අකාර්යක්ෂමතාවයෙන් පිරුණු ආයතනයකි. අධික සේවක ඝනත්වය, සීමා රහිත අතිකාල, කාර්යයක් නොමැති අයට ගෙවන වැටුප්, නාස්තිය ඉහවහා ගොස් ඇත. අවසානයේ දුප්පතාට තමයි මේ හැම එකකටම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ...!
සිල් රෙදි හොරු !!! ආයෙත් ගානකට කෙලින්න වගේ.
මුද්දරය ගහගනින් ... **
දෙසීයම කරන්න. ලියුම් යැවීම නවතියි. ඊට පසුව තැපෑල වහලා දාලා පෞද්ගලික අංශයට දෙන්න. තකතීරු පරිපාලන නිලධාරීන්...
අපිද පාඩු කලේ .හොරා කාලා හොරා කාලා පාඩුයි කියනවා හෙණම ගහන්න ඕනේ ඔහෙලාට
රටේ බහුතරයකට ඕකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඕක වහලා දැමීමත් කමක් නැහැ.