
(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි)
තම නිවෙසේ තිබූ මී මැසි පෙට්ටියේ මී වදයක් කැඩීමට ගිය අවස්ථාවේ මී මැස්සන්ගේ ප්‍රහාරයකට ලක් වූ 65 හැවිරිදි ගොවියකු මිය ගිය බව අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පැවැසීය .
මිය ගිය අය පරසන්ගස්වැව පළුකුඹුර ලිපිනයේ පදිංචි හෙට්ටි ආරච්චිලාගේ සුනිල් නමැති තිදරු පියෙකි.
ඔහු තම හේනේ ගොවිතැන් කටයුතුවල නිරතව සිට දහවල් නිවෙසට පැමිණ සිටි බවත් ඒ අතරතුර මී මැසි පෙට්ටිය පරීක්ෂා කර මී වදයට අත දැමූ අවස්ථාවේ මී මැස්සන් ඇවිස්සී ඔහුට දෂ්ට කර ඇති බවත් හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
මී මැස්සන් දෂ්ට කිරීමෙන් අසාධ්‍ය වූ රෝගීයා ප්‍රතිකාර සඳහා පරසන්ගස්වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තාවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී මැස්සෝ හැදුවාට දහවල් කාලයේ මීමැසි පෙට්ටි විවෘත කරන්න ගියාම ඔහොම වෙනවා කියලා දැනගෙන ඉඳලා නැහැ. සාමාන්‍යයෙන් මධ්‍යාහ්න කාලයේ මී මැස්සෝ දරුණුයි කියලා දන්නේ නැද්ද?