
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගෙසිරුර ඔහුගේ නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි.
එය සියදිවි නසා ගැනීමක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි ස්ථානයට කැඳවාගෙන ඒමට රියදුරා නිල රථයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා පදිංචිව සිටින නිල නිවසට ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. ප්‍රාදේශීය ලේකම්වරයා පෙනෙන්නට නොසිටි නිසා රියදුරා විපරම් කර බැලීමේදී ඔහුගේ සිරුර ලණුවකින් එල්ලෙමින් තිබෙන අයුරු දැක ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරින් සහ නිලධාරිනියක් ද දැනුවත් කර පසුව මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවුරුදු විස්සකට, විසිපහකට පෙර මේ තනතුරු දැරූ අයෙක් ළිඳකට පැනලා මැරුණා... ඔහු කාර්‍යාලයේ නිලධාරියෙකුට කළ අසාධාරණ ක්‍රියාවක් නිසා තමන්ගේ අතින්ම වන්දියක් ගෙවූ අයෙක් කියලා දන්නවා...
වෙන කිසිඳු විසඳුමක් නැති දිවි නසා ගැනීම පමණක් විසඳුම යැයි සිතු කෙනෙක් වෙන්න ඕනේ