IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මියුරු හඬින් ලොවක් පිනවූ ‘‘මැණිකේ‘‘ මාධ්‍යයට කියූ දේ

(ටී.කේ.ජී.කපිල)

" පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්." යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය .

ශ්‍රී ලංකාව තුළ ඇය විසින් පැවැත්වූ පළමු වැනි ප්‍රවෘත්ති සාකච්ඡාව මෙය වූ අතර , එය " ජාත්‍යන්තර රසිකත්වයේ ආදරණීය ශ්‍රී ලාංකීය මියුරු මියැසිය - යොහානි ද සිල්වා " යනුවෙන් නම් කර තිබුණි .

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව " දිනවමු මව්බිම පදනම " විසින් සංවිධානය කර තිබූ අතර , එය මීගමුව , පමුණුගම , ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් රෙස්ටුරන්ට් හී දී  පැවැත්වුනි .

මෙහිදී අදහස් දැක්වූ ගායිකා යොහානි ද සිල්වා මෙසේ පැවසුවාය .

මගේ ජනප්‍රියත්වය මාස දෙකක් , තුනක් තුළ හදිසියේම ඇති වූ දෙයක් . ඒ ජනප්‍රියත්වය මොන විදියට ද සිදු වුණේ කියල , මමත් තවම දන්නෙ නෑ .

මේ සියල්ලට මගේ " ලුණු " නැමැති සංගීත කණ්ඩායමෙන් සහයෝගය ලැබුණා .

මම 2019 වසරේ දී ගණකාධිකරණය විෂයෙන් පශ්චාත් උපාධිය හදාරලා , ලංකාවට ආවා . එහිදී මට තෝරා ගැනීම් දෙකක් කරන්න සිද්ධ වුණා . එකක් ඕස්ට්‍රේලියාවේම පදිංචි වෙලා ගණකාධිකාරීවරියක් වීම . අනෙක ශ්‍රී ලංකාවට ඇවිත් සංගීත ක්ෂේත්‍රයට පිවිසීම .

මෙම ලංකාවට ආව . ඇවිත් සංගීතය මුල ඉදලා ඉගෙන ගත්තා .

මගේ මාපියන් මට ඒ සදහා ලොකු සහයෝගයක් ලබා දුන්නා .

මට දැනට රටවල් ගනනාවකින් ජාත්‍යන්තර සංගීත ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . මේ අවුරුද්දෙ දෙසැම්බර් වීමට පෙර ඩුබායි සහ ඕමානයේ සංගීත ප්‍රසංග සදහා යා යුතු වෙනවා . එසේම ඇමෙරිකාවේ , එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් ගනනාවක ද , ඉදිරි වසර තුළ ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . යැයි ද පැවසුවාය .

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ඇයගේ ජනප්‍රියතම " මැණිකේ මගේ හිතේ " ගීතය සහ තවත් ඉංශ්‍රීසි ගීතය කොටසක් ද ගායනා කළාය .

ඉන්පසුව විවිධ ආයතන සහ සංවිධාන රාශියක් විසින් ඇයට විවිධ ත්‍යාග ලබා දීම ද සිදු කෙරුණි .

 



අදහස් (8)

මියුරු හඬින් ලොවක් පිනවූ ‘‘මැණිකේ‘‘ මාධ්‍යයට කියූ දේ

gamunu Wednesday, 13 October 2021 11:49 PM

‘‘මැණිකේ‘‘ ලංකාවේ බොහෝ දෙනකු සිත සිටින්නේ සියල්ල ඔවුන් දන්නා බව සහ සියල්ල ඔවුන්ට කළහැකි බව නිසා ලෝකය අප පසුකර ගියත් අප තවමත් එතනම කැරකෙමින් සිටි. කෙසේ වෙතත් ලොවක් දිනූ ඔබගේ සියලු ජයග්‍රහණයන්ට සුබ පතමු.

:       0       50

Demuni Uduwara Thursday, 14 October 2021 03:58 AM

ඔබ ටයිටැනික් මෙන් මාතෘ භූමියට වත්කමකි

:       0       3

Perera Thursday, 14 October 2021 05:16 AM

දැන් ඉතින් ඔය මැණිකේ සින්දුව අල්ලන් නැටුවා ඇති .තව හිට් වෙන සින්දුවක් දෙකක් කියන්න නැත්නම් ඕකත් අර 2009 "යුද්දේ දිනුවා" බයිලා එක ගානට වැටෙනවා

:       2       3

Abanda Thursday, 14 October 2021 07:29 AM

යොහානි, රේස් එකට දුවන අශ්වයාගේ ඇස් දෙකේ පිට පැත්තෙන් කවර දෙකක් බැන්දල තියෙන්නෙ, අශ්වයා දුවන කොට ඉදිරිය පමනක් පෙනෙනෙන්න. එවිට බාහිරින් පෙනෙන භාදක පෙනෙන්න නැති වෙන්න. එනමුත් දිනුම පරාජය දෙකම හිමි වෙනවා. ඔයා හරිම නිහතමානී කාන්තාවක් බව අපට පෙනෙනවා. ඔය යන ගමන ඔය විදිහටම යන්න. ලැබුනු වෙලාවක ගම්බද පලාත් වල ජීවත් වන ලමයින්ටත් ඔවුන්ව දිරිගන්වන්න ගීත ටිකක් ගයන්න. ස්තුතියි .

:       0       5

මහී Thursday, 14 October 2021 08:23 AM

රට ගිහින් ඉගෙනගත්ත. එහෙ ලක්සිරි ලයිෆ් එකක් හදාගන්න තිබ්බ. මෙහෙ ආවා. අපේ රටේ නම ලෝකෙට ගෙනියන අයිකන් එකක් වුනා. තව තවත් ඉදිරියම යන්න. බුදු සරණයි. හොඳ වෙලාවට මේ රටේ කැම්පස් නොගියෙ. එහෙනං ආණ්ඩුවේ ජොබ් කට්ටක් ඉල්ලල තාම ලිප්ටන් එකේ. ප්‍රයිවෙට් ජොබ් කරන්න කම්මැලියිනෙ.

:       0       7

පිටිගල මිලානෝ Thursday, 14 October 2021 09:22 AM

කල්ලිවාදී, නවකයින්ට අත නොදෙන, පැනි සින්දුවලින් අප රවටා ඊට ප්‍රති විරුද්ධ දේ කල අයට යන්න බැරිවුන තැනකට ගිය යොහානිගේ නිහතමානීකමවත් මේ අය ආදර්ශයට ගත යුතුය.

:       0       7

ලලිත් අම්බලන්ගොඩ Thursday, 14 October 2021 09:23 AM

ඔබ, පෙර භවයේදී විශාල පිනක් කල කෙනෙක්. කිසිම කෙනෙකුට තනතුරැ, තානාන්තර, ධනය, බලය, රූපසම්පත්තිය නිකම්ම ලැබෙන්නේ නැහැ. සමහර අයට තනතුරැ ලැබෙනවා පෙර පව් පලිසන්දෙන්න. පේන්නැද්ද පොලීසියෙ ලොකු ලොක්කො කී දෙනෙක් මේ වන විට හිර ගෙවල් වල දුක් විදිනවද කියල. සමහරැන්ට මරණ දණ්ඩනයත් නියම වෙලා. තනතුරැ සමගම අනතුරකුත් තියෙනවා. නමුත් තනතුරෙන් අනිසි වැඩ නොකලහොත් අනතුරු නැහැ. ඒ නිසා දියණිය, ඔබ ඔබේ ජනපියතාවය මත දේශපාලනයට නම් එන්න එපා. ඉතා නිහතමානීව ඔබේ දිවිය සාර්ථක කර ගන්න ගමන්, රටටත් ලෝකයටත් සේවයක් කරන්න. ඔබට දැන් ඒ පසුබිම නිර්මාණය කර දිලයි තියෙන්නෙ. ඕක තමයි ස්වභාව ධර්මයේ හැටි.

:       1       4

පිටිගල මිලානෝ Thursday, 14 October 2021 01:06 PM

ඔයා හැමදාම අඩනවනේ..... බලාගෙන ඉන්න බැරිම තැන දැන්නුවේ ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site