
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව වෙඩි තැබීමට භාවිතා කරන ලද ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම සජීවී පතරම් 15 කළුතර පළාතොට සූසාන භූමියක සඟවා තිබීයදි සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශ රටක සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයුණු ලබන අපරාධකරුගේ සමීපතමයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඉකුත් මස 20 වෙනිදින රාත්‍රියේදී කළුතර දකුණ කටුකුරුන්ද දුම්රිය පොල පාරේ නිවසක සිය දරු තිදෙනා සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නොහොත් කලමුල්ලේ ටශි (38) යන අයට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එම සිද්ධියෙන් අනතුරුව සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සමීප ඥාතී ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය කරමින් කප්පම් ඉල්ලීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය වෙත එම ඥාතීන් විසින් පැමිණිලි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් සහතික ඇත්ත. තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, පාස්කු ප්‍රහාරය ඔය ඔක්කොම කරපු අය ඉන්නේ නිදැල්ලේ. කවුරුවත් හැංගිලා නැහැ.