IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මිනිරන් ආශ්‍රිත බැටරි නිෂ්පාදනය වාණිජකරණය කිරීමේ තීරණයක්


(යොහාන් භාසුර)
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනය සොයාගත් දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය සහ වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මෙය අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදයක බවත් ලෝකයේ විවිධ රටවල ඇති මිනිරන් අතරින් ඉහළම ප්‍රමිතියකින් යුතු ඉතාම උසස් තත්වයේ මිනිරන්වලින් ශ්‍රී ලංකාව පොහොසත් බවත් එම අමාත්‍යංශය කීය.
මිනිරන් අමුද්‍රව්‍යක් ලෙස ලෝකය පුරා විශාල කර්මාන්ත සංඛ්‍යාවකට භාවිතා කරන අතර ඒ අතරින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදන කර්මාන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. මෙම කර්මාන්තය  සදහා මිනිරන් සියයට 99.99 ක පමණ ප්‍රතිශතයකට එනම් ඉතාම පිරිසිදු තත්වයට පත් කළ යුතු වේ. ඒ අයුරින් පිරිසිදු කිරීම සදහා වු අඩු වියදම් නව තාක්ෂණයක් මෙරට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් පිරිසක්  හදුනාගෙන ඇති අතර ඒ සදහා ඉතාම ඉහළ වාණිජමය අගයක් හිමි වේ.
ඉතිහාසය පුරා මෙරට ස්වාභාවික සම්පත් ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදනය බිහිකර අපනයනය කිරීම වෙනුවට එම ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය ලෙස විශාල වශයෙන් අපනයනය කිරීම ක්‍රියාත්මක වේ. ඒ අතරම මෙරට සිදුකරන පර්යේෂණ තුළින් ගොඩනැගෙන නව දැනුම සහ තාක්ෂණය වාණිජකරණය නොකිරීමේ විශාල ගැටළුවක් ද පවතී. මේ සඳහා පිළියම් යෙදීමේ නව රජයේ වැඩපිළිවෙළට අනුව යන ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතියට සුවිශේෂී වැදගත් ස්ථායක් හිමිවේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයින්, මෙම ව්‍යාපෘතියට මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අදහස් කරන පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම තාක්ෂණික ක්‍රමවේදය වාණිජ මට්ටමට ප්‍රවර්ධනය කිරිම තුළින් රටට ආර්ථික ප්‍රතිලාභ හිමිකරගැනිමට ඇති අවස්ථා පිළිබඳ අදාල පාර්ශව අතර අන්න්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සාකච්ඡාවේ අරමුණ විය. අදාළ පාර්ශ්ව අතර ධනාත්මක ප්‍රතිචාර සමග ඉතා සාධනීය ලෙස සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව අවබෝධතා ගිවිසුමක් මත ව්‍යාපෘතියේ ඉදිරි පියවරයන්ට ළගා වීමට නියමිතය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහොමඩ් නවාවි, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය අතුල සුමතිපාල, මහාචාර්ය සිරිල් විජේසුන්දර, ආචාර්ය අතුල විජේසිංහ, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් වන චෙරන්ත ද සිල්වා, කපිල ද සිල්වා, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සේනවීර, ජාතික නවෝත්පාදන නියෝජිතායතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස්, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් සොන්නාදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

මිනිරන් ආශ්‍රිත බැටරි නිෂ්පාදනය වාණිජකරණය කිරීමේ තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 540 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 486 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site