
(චන්ද්‍රසේන ගමගේ, පද්මසිරි ගාර්දියවසම් සහ ගයාන් සූරිය ආරච්චි)
තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදි වෙඩි තැබීමෙන් පියා හා යතුරු පැදියේ ගමන් කළ දියණිය මිය ගොස් පුතා තුවාල ලබා රෝහල් ගත කළ බව මිද්දෙනිය පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ පුද්ලයා හා ඔහුගේ 08 හැවරදි දියණියක බව පොලීසිය කියයි.
බරපතල ලැබූ පුතා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර මහ රෝහලට මාරු කොට ඇති බවත් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රථිකාර ලබමින් සිටින බවත් පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 10.15 ට පමණ සිදුව ඇති බව පොලීසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති පියා හා දියණිය එම ස්ථනයේදීම මිය ගොස් තිබුණු බවද පොලීසිය කියයි.
තංගල්ල කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


COMMENTS
අවි ගත්තෝ නසිති.. අහිංසක ජනයා බලාසිටිති..
ඇයි මේ වගේ දෙයක් ඔය කලු කඩ කාරයින්ට කරවන්න කෙනෙක් නැත්තේ?
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන්නම් කියූ, බලයට ඇවිල්ල සතියෙන් දෙකෙන් පාතාලය නැති කරලා දානවා කියූ, කයිවාරුකාර බේගල් මාලිමාවො කෝ?
රටේ ආණ්ඩුවක් ඇති, බල-තල දරණ ඇමැතියෝද, ඔවුන්ට අවනත නිළධාරියෝද ඇත, එහෙත් රට "අරාජිකය", රට වැසියා අනාරක්ෂිතය! කාට නම් මේ ගැන කියන්නද!
ශ්‍රී ලංකා පොලිසිය SF ට භාර දිය යුතුමයි , 30 වසරක යුද්ධය දිනා දුන් ඔහුට මේ කල හැකියි
"අරුණ විදානගමගේ සමග චමුදිත සමරවික්‍රම" යූ ටියුබ් ...