
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි අග්‍රාමාත්‍යවරයා ද වෙයි.
පසුගියදා පැවැති මැලේසියානු මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ අන්වාර් ඊබ්‍රහීම් නියෝජනය කළ 'පක්ටාන් හරප්පාන්' සන්ධානයයි. 'පක්ටාන් හරප්පාන්' සන්ධානය දිනූ ආසන ගණන 82 කි. එසේ වුවත්, එය රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවිණි.
ඒ අනුව, මැලේසියා දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය විය. අද (24) සවස අන්වාර් ඊබ්‍රහීම්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ මැලේසියාවේ සුල්තාන් අබ්දුල් රජුගේ මැදිහත් වීමෙනි. අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම එරට වේලාවෙන් සවස 5 ට සිදුවිය.
90 දශකය අවසානයේ, මහතීර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් ය. අන්වාර් ඊබ්‍රහීම්ට මහතීර් මොහොමඩ්ගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩ තිබුණි.
කෙසේ නමුත් අන්වාර් ඊබ්‍රහීම් සහ මහතීර් මොහොමඩ් අතරේ මත ගැටුම් නිර්මාණය විය. එය අවසන් වූයේ අන්වාර් ඊබ්‍රහීම් සියලු ධුරවලින් නෙරපා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
අන්වාර් ඊබ්‍රහීම් අත්අඩංගුවට ගැනීම සහ දූෂණ චෝදනාවලට වරදකරු කර සිරදඩුවම් නියම වීමට සැලැස්වීමත් සමඟ මැලේසියාව පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය විය. මහතීර් මොහොමඩ්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් එල්ල විය. 2003 වසරේ ඔක්තෝබරයේ මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත්තේය.
2018 වසරේ පැවැති මැලේසියානු මැතිවරණයේදී විපක්ෂ සන්ධානයට මැතිවරණය ජයක් සඳහා පොදු අපේක්ෂකයා වූයේ එවකට 92 හැවිරිදි වියෙහි පසුවුණු මහතීර් මොහොමඩ්ය. එම මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ ආසන 222 න්, 122 ක් දිනා ගැනීමට විපක්ෂ සන්ධානයට හැකිවුණු අතර, මහතීර් මොහොමඩ් යළි අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.
එදා මැතිවරණ රැලිවලදී මහතීර් මොහොමඩ් දිගින් දිගටම පැවැසුවේ තමන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර දෙකක් පමණක් බවත්, අන්වාර් ඊබ්‍රහීම්ට ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බවත්ය.
ඒ අනුව, ඒ වනවිටත් සිරදඬුවම් විදිමින් සිටි අන්වාර් ඊබ්‍රහීම්ට සමාව දීමට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් කටයුතු කළේය. අන්වාර් ඊබ්‍රහීම්ට මැලේසියානු රජුගෙන් සමාවක් ද හිමිවිය. මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කර දින කීපයක් ඇතුළත අන්වාර් ඊබ්‍රහීම් හිරෙන් නිදහස් වී යළි දේශපාලනයට පිවිසියේය.
එම අවස්ථාවේදී ද මහතීර් මෙසාහොමඩ් සහ සහ අන්වාර් ඊබ්‍රහීම් අතරේ අර්බුද හටගත් අතර 2020 පෙබරවාරි මාසයේ දී මහතීර් මොහොමඩ් යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
මහතීර් මොහොමඩ් ද පසුගිය දා පැවැති මැලේසියානු මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් 'හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්' පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමඩ් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය. මහතීර් මොහොමඩ්ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය. අඩ සියවසකට පසු මහතීර් මොහොමඩ් ලැබූ එකම මැතිවරණ පරාජය මෙය යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
58
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට
uk ran Thursday, 24 November 2022 06:09 PM
මැලේසියාවල ජනාධිපතිරු නෑ. ඉන්නේ අගමැති. මෙයා තමයි අගමැති. එයත් අපේ රනිල් මහත්තයා වගේ වසර 20 ක් බලන් ඉදියා. පේනව නේද ඉවසීමේ ගුණේ.