
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු මැලගසි රෝස (Rose wood) මෙට්‍රික් ටොන් 420 ක් බරැති දැව කඳන් 3669 ක් විකිණීමට සැලසුම් කළද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් කාලයක් තිස්සේ ඒවා ගබඩාවල තැබීමට සිදුවීම නිසා ගබඩා ගාස්තු ලෙස රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකා රේගුවට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ
පදම් නොකළ මෙම දැව කඳන්වලට කෘමින්ගෙන් හානි සිදුව ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
ටැන්සානියාවේ ෂැන්සිබාර් වරායේ සිට ශ්‍රී ලංකා වරාය හරහා හොංකොං වෙත ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම දැව කඳන් ගෙනවිත් තිබුණේ අප්‍රිකානු ඝන දැව ලෙස සඳහන් කරමිනැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.
බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් මෙම දැව කඳන් තොගය 2014 වර්ෂයේ සිට 2023 අප්‍රේල් 30 වැනිදා දක්වා ඉවත් කර නොගෙන රේගු අංගනයක ගබඩා කර තිබුණු බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් 2021 අප්‍රේල් 23 වැනිදා ආනයනය කරන ලද අධිබලැති විකිරණශීලී මුලද්‍රව්‍යයක් සඳහා වරාය සංවර්ධන බදු සහ එකතු කළ අගය මත බදු වශයෙන් රේගුවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් ගෙවීමට ඇතත් මේ වර්ෂයේ ජනවාරි 1 වැනිදා වනවිටත් එම බදු මුදල් රේගුවට ගෙවා නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 නොවැම්බර් මස 04
332
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලගසි රෝස වෙනුවෙන් රේගුවට කෝටි 8ක් නැතිවෙලා
sachith Tuesday, 26 September 2023 01:41 PM
සිරි ලංකාවේ රේගුව ,පාලකයොන්ගේ කැරට්ටුවේ හැටියටනම් මැලගසි රෝස කඳන් ඔතන තියෙන්න විදිහක් නැහැ .හොඳට පරීක්ෂා කරොත් ඕවා ඉකන්ම කොට ටිකක් .හරිම මැලගසි රෝස ටික යන්න ඕනි තැන් වලට ගිහින් ඇති
ravin Tuesday, 26 September 2023 03:39 PM
මෙන්න රාජ්‍ය සේවය .අපූරුයි ඇති උත්කෘෂ්ඨයි නේද ?මෙගොල්ලොත් එක්ක රට සංවර්ධනය කරා ඉදිරි ගමනක් යයි නේද ?අනාගත පරපුරට හෙටක් තියේ නේද ?