
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නිලධාරිනියකගේ ස්ථාන මාරුවීමක් අවලංගු කරන ලෙසට අල්ලස් කොමිසම දුන් නියෝගයෙන් පසු පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට පසුගියදා ලිපියක් යවමින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇතැයි වාර්තාවේ.
මෙය සාමාන්‍ය මාරුවීම් ක්‍රමවේදය යටතේ සිදුවූ ස්ථාන මාරු කිරීමක් බව එම ලිපියෙන් පෙන්වා දී ඇති මහ ලේකම්වරිය කෙසේ වෙතත් අල්ලස් කොමිසමේ නියෝගයට අවනත වෙමින් නිලධාරිනියගේ ස්ථාන මාරුවීම අවලංගු කළ බවද දැනුම්දී ඇත.
මෙය පාර්ලිමේන්තුවේ එකවර සිදුවූ ස්ථාන මාරුවීම් නවයක් ඇතුළත තිබූ එක් මාරු වීමක් පමණක් බවද ඇය එම ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විමර්ශනයක සාක්ෂිකාරියක බව පැවසෙන පාර්ලිමේන්තුවේ පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන අංශයේ නිලධාරිනියකගේ ස්ථාන මාරුවීම වහාම අවලංගු කරන ලෙස අල්ලස් කොමිසම විසින් පසුගියදා නියෝග කෙරිණ. විමර්ශනයට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා ඉහත පියවර ගත් බව අල්ලස් කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd