IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ ලිංගික හිංසනය: මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද විමර්ශනයක් අරඹා ඇත.

මේ කාරණය සම්බන්ධයෙන් එම සංසදයේදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව සමග ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීනි  නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පැවසුවාය.

සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහිදී තීරණය කෙරුණු බවද ඇය සඳහන් කළාය.

සමාගමක හෝ වෙනත් ආයතනයක හෝ  මෙවැනි සිදුවීමක් වාර්තා වූ පසු බාහිර විමර්ශනයකට යොමු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවද  මන්ත්‍රීවරිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අප මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  මෙම සිද්ධිය ගැන මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කතානායක කාර්යාලයේ උසස්  නිලධාරියකු පැවසුවේ සිද්ධිය මුලින්ම අභ්‍යන්තර පරීක්ෂණයකට යොමු කර පසුව බාහිර විමර්ශනයකට යොමු කිරීමට කතානායකවරයා තීරණය කර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ අභ්‍යන්තර විමර්ශන කටයුතු හෙට (14) උදේ ආරම්භ කිරීමට නියමිතය.



අදහස් (4)

මැතිසබේ ලිංගික හිංසනය: මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් විමර්ශනයක්

කමල් Thursday, 13 February 2025 11:24 AM

දැන් ඔය කාන්තා සංසදය තියෙන්නේ පොලිස් වැඩ කරන්නද?

:       7       9

රුවන් Thursday, 13 February 2025 11:54 AM

ගිය ආණ්ඩුවේ ගත්ත නිලධාරීන් බැලින්නම් හිරෙන් පැනපු ස්ත්‍රී දුෂකයෝද මන්දා?

:       7       12

Small man Thursday, 13 February 2025 01:27 PM

අත් දැකීමෙන් කියන්නේ, සමහර ආයතන වල ඉන්න සමහර නිලධාරිණියන්, සේවිකාවන් තමන්ගේ නොහැකියාව, අකාර්යක්ෂමතාවය වහගන්න අනෙත් අයට බොරු චෝදනා කරලා අපහසුතාවයට පත් කරන අවස්ථාද එමටයි.‍ කොහෝමටත් චොදනාවක් කරනවා නම් පරීක්ෂණ වලදි සාක්ෂි සහිතව ඔප්පු කරන්න වෙයි...

:       0       8

රචීThursday, 13 February 2025 08:43 PM

සජබේ මන්ත්‍රීතුමීලාටත් එල්ලෙන්න වැලක් හම්බවෙලා

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 495 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site