(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා කලාප මට්ටමෙන් මැතිවරණ රැස්වීම් දහසක් සහ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් කුඩා රැස්වීම් 12,700ක් සංවිධානය කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(10) පැවසීය.
මෙයට අමතරව ඉදිරි සති දෙක තුළ ආසන බල මණ්ඩල සියල්ල කැඳවා මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සමගි ජන බලවේගයේ අපේක්ෂක හමුවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ඉදිරි දින කිහිපය තුළ දී මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කරා මෙහෙයවා සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් බිහි කරන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉමිතියාස් බාකීර් මාකර් මහතා ද එක් ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රැස්වීම් 1000ක්