(එම්.කේ.නන්දසේන)
කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා පැමිණි බැතිමතුන් පිරිසක් සෙල්ල කතරගම පාළම අසල මැණික් ගඟේ දිය නාමින් සිටියදී දියේ ගිලෙමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (12 ) දහවල් ජීවිත ආරක්ෂක ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් මුදාගත් බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
ගල්පර අතර වලක වැටී ගිලෙමින් සිටියදී ගොඩට ගනු ලැබුවේ නුවරඑළිය රාගල පදිංචි 31 හැවිරිදි ඒ. රාජා සහ 32 හැවිරිදි ඒ. සුරේෂ් යන දෙදෙනාය.
කණ්ඩායමක් වශයෙන් පැමිණි මෙම පිරිස දිය නාමින් සිටියදී කෑ මොර නගන ශබ්දයක් සමගම ඒ අසල රඳවා සිටි ජීවිත ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ගඟට බැස මෙම තරුණයන් දෙදෙනා ගොඩට ගත් බව කියයි.
COMMENTS