
(සුජිත් හේවාජුලිගේ )
සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එහි ප්‍රධානීන්ගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇත.
දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කර ඇත.
අධිකරණයට නොගොස් එම ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වුවහොත් එය විශාල පහසුවක් බව පක්ෂ ලේකම්වරුන් එහිදී දැනුම් දී ඇත.
මැතිවරණයේදී වියදම් කරන ආකාරය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත. ප්‍රතික්ෂේපවුණු නාම යෝජනා පත්‍ර සහ ඒ සඳහා බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදී පුළුල්ව කරුණු දක්වා තිබුණු බවද දැනගන්නට ඇත.
දේශපාලන පක්ෂ රැසකට අයත් නාමයෝජනා පත්‍ර විවිධ හේතු මත මැතිවරණ නිලධාරීන් විසින් පසුගිය දිනවල ප්‍රතික්ෂේප කෙරිණ. පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝට හැන්ද ගන්න කියයි
dds Sunday, 23 March 2025 02:46 PM
ෆෝම් එකක් හරියට පුරවා ගන්න බැරුව කොහොමද ප්‍රාදේශීය නායකයෝ, නියෝජිතයෝ වෙලා පක්ෂ ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන්නේ? මොන පක්ෂෙන් ආවත් මේ උගත්තු එන්නෙම හොරකමටම විතරයි...!
Warnasinghe Sunday, 23 March 2025 04:57 PM
සම්පූර්ණ කළයුතු අත්‍යාවශ්‍ය තොරතුරු සහ ලියකියැවිලි වලටත් වංගු ගහන එවුන්ද ගමේ බලය ගන්න හදන්නේ..?