
(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ සමයේදී ගන්නාවූ තීරණ දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු අමාත්‍යාංශ වලට සහ රාජ්‍ය ආයතන වලට දැනුම් දී ඇත.
සමහර අමාත්‍යාංශ සමහර තීන්දු මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් නොදී කටයුතු කර ඇති හෙයින් මෙම පියවර ගත් බව එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය. කොමිසම පසුව ඒ පිළිබඳව දැනුම්දී ඒ වැරදි නිවැරදි කළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන ගන්නා වූ ඇතැම් තීරණ නිදහස් හා ස්වාධීන මැතිවරණයකට බාධා විය හැකි හෙයින් කොමිසම මෙම තීරණය ගෙන ඇත. මේ අතර පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ පරිහරණය වැළැක්වීම සඳහාද ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදීමට නියමිතව ඇතැයි මෙම කොම්ෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැකෝගෙන් කාර්යාල ලොක්කන්ට පණිවුඩයක්