(රුවන් පතිරණ)
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි .
මෙලෙස මියගොස් සිටි පුද්ගලයා සන්තකයේ තිබී පන්විල පොලිස් වසමේ අංක (160) ,අරත්තන උඩුගම ලිපිනයේ පදිංචි උඩගම පල්ලෙගෙදර ප්‍රියන්ත උඩගම (43) .යනුවෙන් නම සඳහන් හැදුනුම්පතක් හමුවූ බව පොලිසිය පවසයි.
ජාඇල ප්‍රදේශයේ සිට ලොරි රථයකින් කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයකු තුල්හිරිය ප්‍රදේශයේදී ලොරි රථය නවතා ශාරීරික අවශ්‍යතාවක් සඳහා මාර්ගය අයිනට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු ඒ අසල ඇති උණ පඳුර අසල මියගොස් සිටින බව දැක මාර්ගය අයිනට පැමිණ රථවාහන රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණ.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ දැනට මාස තුනක පමණ පෙර නිවසට නොපැමිණි බවට 2021.10.13 වන දින පන්විල පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .
2025 දෙසැම්බර් මස 04
237
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මා ඔයෙන් මළසිරුරක් මතු වෙයි