IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාලමුල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් නවීනතම ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ජම්පටා වීදිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන කුඩු සෙල්විගේ කණ්ඩායමේ ප්‍රධානතම පුද්ගලයෙකු වන පළවෙනි රෙමෝෂන් ක්ලෝරියන්ස් යන අයගේ හා ඩුබායිහී සිට මෙරට ජම්පටා වීදිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන අරවින්දි යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන ප්‍රධානතම ගෝලයන් බවත් පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා විදේශ ගතව පලායාමට අවශ්‍ය ලිපි ලේඛන  සූදානම් කරගෙන තිබූ බවට  මූලික ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වු බව පොලිසිය කියයි. ඉකුත් 29වෙනි දින පානදුර මාලමුල්ල රණවිරු හේමන්ත මාවත ප්‍රදේශයේ කොටහළු මංගල්‍යය උත්සවයකදී මෙම වෙඩි තැබීම සිදු විය.

 



අදහස් (0)

මාලමුල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site