IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි



(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක්   අබලන්වීමෙන්  මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව  සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් බංගලාවල වහල දොර ජනෙල් දිරාපත්ව කැඩී බිඳී ගොස්   ඇති බවද එම ආරංචි මාර්ග කීවේය.

මන්ත්‍රී බංගලා ලෙස පාවිච්චි කෙරෙන්නේ  පැරණි නිවාස හේතුවෙන් මේ තත්වය උදා වී තිබෙන බව  මන්ත්‍රීවරු පිරිසක් පැවසුහ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට නොයෙක් වර දැනුම් දී  ඇතැයිද   ඔවුහු ප්‍රකාශ කළහ.

එසේම මේවායේ ප්‍රමාණවත් පහසුකම් නැතැයිද  සඳහන් කරති.

මේ පිළිබඳව අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලට පැමිණිමට පෙර එම නිවාස යම්  ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණය කළ බවයි.

තවත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙන නමුත්  ආර්ථික ගැටලු හේතුවෙන් ඒවාට ලොකු මුදලක් වෙන් කිරීමට නොහැකි වී ඇති බවද   ඔහු ප්‍රකාශ කළේය.



  



අදහස් (9)

මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි

යෝගා Monday, 05 May 2025 10:29 AM

ජනතාවට නැති නිල නිවාස අපිටත් එපා කියපු මාලිමා මන්ත්‍රීලාට දැන් සැප මදි වෙලා. ග්‍රීසියේ නැව් සමාගමෙන් බැරිද කීයක් හරි ඉල්ලගන්න?

:       35       56

Akila Monday, 05 May 2025 10:54 AM

ආර්ථික ගැටළු නිසා අලුත් වැඩිය කරන්න මුදල් නැහැ කියන එක පිළිගන්න අමාරුයි , ආර්ථික අහේනිය සැරටම තිබ්බ කාලේ මැදමුලන අප්පචිගේ නිවස අලුත් වැඩියා කරන්න රනිල් අප්පච්චි මිලියන 300 දීල තිබ්බේ

:       14       9

මැක්ස් Monday, 05 May 2025 11:07 AM

බොරු ආචාර්ය මහාචාර්ය පට්ටංකාරයින්ට දැන් සුඛෝපභෝගිත්වය ආරූඪ වෙලා වගේ. මේ බොරුකාර උන්දැලාගේ සැබෑ ස්වරූපය දැන්වත් ජනතාවට (ඩෝබි නෝනා මහතුන්ට නොවේ) තේරුම් යනවා නම් හොඳයි.

:       20       47

සිල්වා Monday, 05 May 2025 11:35 AM

ඡන්දෙට කලින් දැනගෙන බොරු කිව්වත් නැතත් මන්ත්‍රීවරුන්ට නිල නිවාස අත්‍යාවශ්‍ය යි. එහි කතා දෙකක් නැත. නිල නිවාස අලුත් වැඩියා සඳහා බැංකු ණය පහසුකම් ලබාදීම කල හැකියි. කුලිය වෙනුවට බැංකු ණය වාරික ගෙවීම් කළ හැකියි...

:       13       22

දිමුත්Monday, 05 May 2025 12:36 PM

බැංකු ණය ගන්න මේවා පෞද්ගලික දේපල නෙවෙයි!

:       2       12

රම්බොඩ Monday, 05 May 2025 12:42 PM

කරන හරියක් කියන හරියක් බොරු. මේ තරම් බොරුවෙන්ම රටක් රැවටූ දේශපාලන පක්ෂයක් තවත් නෑ.

:       4       22

සෙනරත් Monday, 05 May 2025 12:45 PM

ජනාධිපති, අගමැති, ඇමැතිලා, මන්ත්‍රීලා මිල අඩු කෑම කන්නේ. නිල නිවාස පාවිච්චියක් නෑ. සමහරුන්ට නිල වාහනත් නෑ. මාදිවෙල ඒ කාලේ ඉඳන්ම අපායක් වගේ. ඒත් බලන්න ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිලාට තියෙන සැප. නෝනලාට ළමයින්ට වෙන වෙනම වාහන අතට පයට සේවකයෝ. ඇඳුම අන්දන්නත් කෙනෙක් ඉන්නවා. නිල බලයෙන් හමුදාවේ විශාල කණ්ඩායමකට මේ සැප ලැබෙනවා. රාජ්‍ය නායකය දුක් විඳිද්දී මේ අය අධික සැපයක් විඳින්නේ කොහොමද? රටක් එහෙම දුවන්න බෑ. ජනාධිපතිලා ඉතුරු කරාට වැඩක් නෑ. මේ ගොල්ලෝ ඒ වගේ දහස් ගුණයක් නාස්ති කරනවා.

:       8       20

සෙනෙවිරත්න Monday, 05 May 2025 03:38 PM

ඔයි කෙඳිරි ගාන්නේ විපක්ෂයේ මහත්වරු මිසක් ආණ්ඩු පක්ෂයේ අය නොවෙයි. ඒකත් රජය පිටින් දාන අය බලාගෙන ඉන්නවා ඇති පෙරහැර නවත්තලා, ඩොලර් එක හාරසීය වෙලා, තෙල්, ගෑස් පෝලිම් එනතුරු, පව් රටේ සාධනීය වෙනසක්වෙලා ඒකෙන් වලව් වලට බලේ නැති වුනහම බොරු කීවා කියලා මතුරනවා...

:       14       5

ජනියා Monday, 05 May 2025 03:54 PM

හිටපු උන් කඩල යන්ඩ ඇති

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site