
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ රංජන් කස්තුරි)
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කළ බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමිනි මුදලිගේ මහතා පැවසීය.
අධිකවර්ෂාවත් සමග පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මෙම තීරණය කර ඇත.
මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල්වල දරුවන් හා අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අනාවරණය විය.
ඒ අනුව පාසල් වසා දැමීමට තීරණය වු අතර ලබන සදුදා යළි පාසල් ආරම්භ කිරීමේ තත්වය පිලිබඳව ලබන සෙනසුරාදා රැස්වෙන දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගනු ලැබීය.

2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතර සියලු පාසල් හෙට අනිද්දා වසා තැබෙයි
Rata Perata Wednesday, 04 October 2023 08:25 PM
ඒක හොඳයි .පාසල් පුළුවන් තරම් වහලා බාර් ටික අරින්න .කොහොමත් විභාග තියන දවසක්වත් කියාගන්න බැරුවනේ ඉන්නේ