
(ගයාන් සූරියආරච්චි)
මහ මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්ට, පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
2024 මහ මැතිවරණයට අදාල ආදායම් වියදම් වාර්තා මැතිවරණ ප්‍රතිපල නිකුත්වී දින 21 ක් ඇතුළත මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරියාට බාරදිය යුතු වුවද එම ආදායම් වියදම් වාර්තා මෙතෙක් බාර නොදුන් අපේක්ෂකයන් 1042 ක්, පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනකුගේ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට බාරදී ඇති බවද පොලිස් මූලස්ථානය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.