IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහැදුරු නාලිකා අවසන් වරට යළි මතක් කරයි

(ඩයනා උදයංගනී)

චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග පවසයි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ එම පොහොර තොගයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැතැයි ද මහාචාර්යවරිය සඳහන් කරයි.

මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය ඊයේ (23) මධ්‍යම රාත්‍රී 12.09 ට සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් මේ බව පවසා ඇත.

ඇය එහි මෙසේ ද සටහන් කර තිබේ.

අවසන් වරට නැවතත් මතක් කරමි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්‍ෂුද්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි. එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේ රටේ කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.

මෙසේ ගෙනෙන ලද ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්‍ෂුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ.

මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ. යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ෂිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය.

කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.

බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි 23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් ගජනායක මහතා ද සිය ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි. “චීන කාබනික පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට ලගා වූ බවට වාර්තා ලැබේ” එම නිසා මා හට අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ ශ්‍රී ලංකාව බොහෝ දුක් විඳිනවා, එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය. තීරණය ඔබේ අතේ.”

 



අදහස් (18)

මහැදුරු නාලිකා අවසන් වරට යළි මතක් කරයි

ranjith Sunday, 24 October 2021 11:59 AM

මේ රටේ උගතුන්ට සවන් නොදෙනවනම් රටේ ඉරණම කුමක්ද?

:       2       81

gamageSunday, 24 October 2021 12:27 PM

ආවේ නම් වියත්මගක් පෙන්නගෙන

:       1       64

සිරිබිරිස් Sunday, 24 October 2021 12:16 PM

ලංකාවේ මිනිස්සු අනාථයි

:       1       62

KalanaSunday, 24 October 2021 02:03 PM

අධමයින් සල්ලි මල්ල හා අනාගත ලංකාව තරාදියේ දෙපැත්තට දමා සල්ලි මල්ල රැගෙන ඔවුන් ඔවුන්ගේ සිහින දේශයට යනු ඇත. ඒ නියත සත්‍ය කවරෙකු කීවද නොවෙනස්ව කාබනික පොහොර තොගයටද බලපානු ඇත. අධ්‍යාපනය, විද්‍යාව කිසිදා නොදත් හොරු හෙට කාබනික පොහොරවල ගුණ අපට කියනු ඇත.

:       1       36

ජනතාව Sunday, 24 October 2021 12:33 PM

ඊශ්‍රාලය වැනි, රටක් නැතිව කලක් ඉබාගාතේ ගිය මිනිස්සුන් කොටසකගෙන් අහල දැනගන්න ජීවත්වෙන්න ජාතියකට රටක් හිමිවීම කොපමණ ඔවුන්ට වටිනවද කියල. මාල දිවයින් වැසියන්ගෙන් අහන්න ගෝලීය උෂ්ණත්වය නිසා මහ සාගරයේ ඔවුන්ගේ රට අතුරුදහන්වීමේ අවදානම ඔවුන්ගේ සිත් කෙතරම් කම්පා කරවනවද කියලා. උගතුන්ද වැදගතුන්ද පොහොසතුන්ද බලවතුන්ද කියා භේද නැතිව බහුතරයක් නිවට හා මුග්ධවී ඇති රටක මෑත කාලයේ මෙතුමිය වැනි කාන්තා චරිත කිහිපයක් නොබියව රටට ණය නොවී කිවයුතු දේ කීම ඉතා වටියි. භාග්‍යා සහ දේවානිගෙන් පටන් ගත් ඒ රැල්ලවත් රට බේරා දුන්නොත් අහිංසක අනාගත දරුවන්ට බලාපොරොත්තුවක් ඉතිරි වේවි.

:       2       52

කිරි පුතා Sunday, 24 October 2021 12:34 PM

මේ උගත් රටට ආදරය කරන විද්වතුන් ගේ නිර්දේශයට ඉහළින් ගොස් රටේ අනාගතයම භයානක අනතුරකට දමන්නට තාවකාලිකව බලයට ආ කිසිවෙකුත් උත්සහා නොකරනු ඇතැයි සිතමි.

:       3       43

fairoos Sunday, 24 October 2021 12:38 PM

කොහොමද සර්ගේ වැඩ?

:       2       38

kumara Sunday, 24 October 2021 12:43 PM

සැබෑ උගතුන්ට මෙරට කල හැකි දෙයක් නොමැත. අපට එතරම් හැකියාවක් නොමැති වුවත් මා හැකි අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ දරුවාට හොඳ අනාගතයක් අවශ්‍ය වේ නම් හැකි ඉක්මනට මේ නරා වලෙන් පිටත්ව යන ලෙසයි. ඉතාමත් කනගාටුවෙන් ලියමි.

:       2       47

gunarathnaSunday, 24 October 2021 08:11 PM

ඔබේ ප්‍රතිචාරයේ හැටියට ඔබ කිසිම විදේශ රටක සේවය කරපු කෙනෙක් නෙමෙයි වගේ... ඔබ විදේශ රටක අවුරුද්දක් හිටියා නම් ඔබ කියාවි ශ්‍රී ලංකාව තරම් හොඳ රටක් කොහේවත් නැහැ කියලා...

:       20       2

ජයන්ත මිලානො Sunday, 24 October 2021 12:47 PM

ලංකාවාසින්ගෙ කරුම බාවය ආරක්ෂා කරගන්න 69 ලක්ෂයක ඡන්දෙ දීලා පත් කරගත්ත මැති ඇමතිවරුන්ට ජයවේවා .

:       1       33

sam Sunday, 24 October 2021 03:51 PM

නුගතුන් පාලකයන් කරගෙන මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ...?

:       0       21

Sunil Sunday, 24 October 2021 04:36 PM

මේ අතිදුෂ්කර අවස්ථාවේදීත් නිර්භයව රට වෙනුවෙන් තම යුතුකම ඉටුකරන මෙතුමියට මගේ හදපත්ලෙන් නැගෙන ප්‍රණාමය. කෘෂිකර්මය ගැන කිසිවක් නොදන්න මෝඩයින්ට කෘෂිකර්මය බාරදුන්විට නැගෙන විපත්තියයි මේ...

:       0       28

SL Sunday, 24 October 2021 04:49 PM

පිටරටවලින් පලතුරක්වත් ගෙන්වන්න දෙන්නේ නැති රටවලින් ඉගෙන ගන්න නැතිනම්, පයිනස් වගා කරලා කරගෙන තියෙන පාරිසරික හානිය, ජල උල්පත් හිඳෙන ඒවායින් ඉගෙනගන්න. රජපක්ෂලාටත් තියෙන හැම එකක්ම තමන් දන්නවා කියලා හිතන් ඉන්න උද්දච්චකමෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන්...

:       0       17

de silva Sunday, 24 October 2021 05:37 PM

අර බුදුසසුන බැබලේවා කියලා ඉස්සරහ ගහගෙන හොරහරක් පටවාගෙන යන මස්කඩේ ලොරිය වගේ... මේකෙත් ඉස්සරහ වියත්මග කියලා ගහගෙන පදවාගෙන යන්නේ 8 පාස් රත්තරන් හොරු, කුඩුකාරයින් සහ එතනෝල් මුදලාලිලා වගේ පිරිසක්.. ඒ මදිවට වීරසේකරත් මේක පිටිපස්සේ නැගලා ක්ලීනර්ගේ ජොබ් එක කරනවා.

:       0       26

ගජමිතුරු Monday, 25 October 2021 06:45 AM

සිල්වා මැතිතුමා නිවැරදියි මැතිතුමා කිව්වෙ ඒ නිසා දැන්වත් පාරෙ ඉන්න උගතුන් යැයි සිතන පිරිස් ඔවුන්ට අබමල් රේණුවක තරම් වත් ගෞරවයක් ඉතිරිවී ඇත්නම් එයවත් රැකගෙන පොහොට්ටුවෙන් ඉවත්ව ගියොත් වටිනවා.

:       0       2

saman Sunday, 24 October 2021 09:40 PM

මේ රටේ උගතුන් ලොවටම ආදර්ශයක් අ උනත් නිවට දේශපාලයකන් පිටරටවල ඕනෑම කුනුජරාවක් හිස්මුදුනින් පිලිගන්නවා නිවට කමට මේ වටිනා දේශය නැවත උගතුන් පාලනය කරන රටක් බවට කවදා පත්වෙයිද.?

:       0       1

පැරකුම් Sunday, 24 October 2021 10:00 PM

මහාචාර්යවරු මොනව කිව්වත් අපේ සර් කිව්වොත් කෙරුව…!

:       0       2

වර්ණකුලසූරිය Sunday, 24 October 2021 10:15 PM

මෙතුමියගේ පරීක්ෂණ විශ්වාශ නම් මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයකට යාමට නොහැකිද? එයින් යම් විසදුමක් නොවන්නේ නම් පක්ෂ භේදයකින් තොරව ජනතා විරෝධයකට යාමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ක්‍රියා කළ යුතුයි. පාලකයාගේ ක්‍රියාකාරකම් තුළ ඔහුගේ බුද්ධිමත් භාවය කවරක්ද යන්න ජනතාව තේරුම් ගත යුතුව ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 258 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 742 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1913 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2146 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 642 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 279 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site