IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝග නොතකා දේශපාලන පළිගැනීම් කොමිසමට යයි

(මනෝප්‍රිය ගුණසේකර)
 
යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 7දෙනාට එරෙහි නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දීමකින් තොරව කිසිඳු කොමිසමක් හමුවේ පෙනී නොසිටින නියෝග කළත් නඩුවේ සාක්කිකරු වන ජේ. එම්. රන්බණ්ඩා නමැත්තා දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබාදී ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (22) හෙළි විය.
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බව සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීහු 7දෙනා මෙලෙස චෝදනා ලැබ සිටිති.
 
මේ සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා කල් ලබාදෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල අද (22) දිනයට නියම වී තිබු නඩුවේ සාක්කි විභාගය කල් තබා මෙම නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමටද නියම කළේය. සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
 
මෙම නඩුවේ සාක්කි විමසීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ පැමිණිල්ලේ 03 වැනි සාක්කිකරු වන ජේ.එම්. රන්බණ්ඩා නමැත්තා මෙම අධිකරණයේ පෙනී සිටි පසුගිය අවස්ථාවේදී මෙම නඩුවේ සාක්කි අවසන් වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හැර වෙනත් කිසිඳු විනිශ්ච ආයතනයකට ගොස් සාක්කි දීමෙන් වළකින ලෙස විනිසුරු මඩුල්ල සාක්කිකරුට තරයේ අවවාද කළ බව පෙන්වා දුන්නේය.එහෙත් ඔහු එම අධිකරණ නියෝගය දුන් දිනට පසුදින දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.

සාක්කිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක වීරසුරිය මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් දේශපාලන පළිගැනීම් කොමිසමේ සිදුවු සිද්ධිය විස්තර කරමින් පසුගිය 17 වැනිදා මෙම උසාවියේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නඩුවේ සාක්කි විභාගය අවසන් වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හැර වෙනත් කිසිඳු විනිශ්ච ආයතනයකට ගොස් සාක්කි දීමෙන් වළකින ලෙස විනිසුරු මඩුල්ල තමන්ට දැනුම් දුන් බවත් අධිකරණ රුපියල් ලක්‍ෂ 10 ක බැඳුම්කරයක් මත තමා මුදාහැරීමටද නියම කළ බවත් දැනුම් දුන්නේය.

කෙසේ නමුත් මෙම අධිකරණයේ එම නියෝගය පිළිබඳව එම කොමිසමට දැනුම් දීම සඳහා තමා නීතීඥවරයකුද සමඟ එහි පෙනී සිටි බවත් ඒ අවස්ථාවේදී කොමිසමේ මැද සිටි විනිසුරුවරයා තමා සාක්කි කූඩුවට නංවා තමාගෙන් ප්‍රශ්න කළ බවත් ඔහු ඇසු ප්‍රශ්න වලට තමා පිළිතුරු දුන් බවත් පැවසීය.

 මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය කුමක්දැයි විනිසුරු මඩුල්ල නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා මෙම සාක්කිකරු මෙම අධිකරණයේ නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහු එම කොමිසම හමුවේ සාක්කි දෙමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා තමන්ට කල් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. 

2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

මෙම අපරාධයන් සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 17 ක් යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
 
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන සුදර්ශන ද සිල්වා සහ වස්නත පෙරේරා යන මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.ජේ.එම්. රන්බණ්ඩා නමැති සාක්කිකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ අශෝක වීරසුරිය මහතා පෙනී සිටියේය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරු ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.



අදහස් (0)

මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝග නොතකා දේශපාලන පළිගැනීම් කොමිසමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site