IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


මහමැතිවරණය ගැන නිර්දේශ කිරීම සෞඛ්‍ය අංශවල වගකීමක්

(බිඟුන් මේනක ගමගේ) 

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දේශපාලන භේදයකින් තොරව එක්සත්ව අවශ්‍ය සහාය දීමට සමගි ජනබලවේගය සූදානම් යැයි ද මහමැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන තීරණය ගතයුත්තේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව යැයි ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (13) කීය.

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උද්ගතව ඇති තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් කැඳවන හැටියට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ඒ අනුව යැයි ද වික්‍රමරත්න මහතා කීය.

පවතින සමාජ හා දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

''පෙබරවාරි 5 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වැනි වතාවට මේ ගැන සාකච්ඡා කළේ සජිත් ප්‍රේමදාස මැතිතුමායි. වෙන කවුරුවත් මේ ගැන සාකච්ඡා කළේ නෑ. වෛද්‍යවරුන් සෞඛ්‍ය අංශ ඇතුලු සියලු නිලධාරින් මෙහිදී කරන කැපකිරීම ගැන අප ප්‍රශංසා කළ යුතුයි. ඒ වගේම වයිරසය පැතිරීම වැලැක්වීමට ඇති සියලුම ආරක්ෂක පිළිවෙත් අප සියලු දෙනාම අනුගමනය කළ යුතුයි. අපට මේක පාලනය කළ හැකිය යන විශ්වාසය තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා තමයි මෙවැනි තත්ත්වයක මැතිවරණය පැවැත්විය හැකිද යන ප්‍රශ්නය නගා තිබුණේ. එනිසා මෙහි කිසිදු දේශපාලන පසුබිමක් නෑ.''

'' අපි සම්පූර්ණයෙන්ම රජයට මෙහිදී සහයෝගය ලබාදෙනවා. මහමැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීමේ තීරණය දේශපාලන මට්ටමට එන්නට පෙර සෞඛ්‍ය නිලධාරින් තීරණය කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය යම් නිවේදනයක් කර තිබුණත් ඒ ඒ රටවල දේශගුණය හා විද්‍යාත්මක කරුණු අනුවයි බලන්න වෙන්නේ. එනිසා එවැන්නක් ගැන සාකච්ඡා කළයුතුවන්නේ වසංගත රෝග විද්‍යාඥයන්ගේ නිර්දේශ අනුවයි. ''



අදහස් (0)

මහමැතිවරණය ගැන නිර්දේශ කිරීම සෞඛ්‍ය අංශවල වගකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 275 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site