IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක්

 

(අංජුල මහික වීරරත්න)

මහනුවර ජාතික රෝහලේ දැනට අතරමඟ වැඩ නැවතී ඇති ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක්  මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ මහනුවර ජාතික රෝහලේ අතරමඟ වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට එක්වෙමිනි.

ඒ අනුව මහනුවර ජාතික රෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය (New Cancer Complex), තැලසිමියා වාට්ටු සංකීර්ණය (Bone Marrow Transplant Unit), හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය (Accident & Emergency care unit), වෙන් කළ යුතු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය (Isolation Ward Complex) යන ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු විධිමත් සැලැස්මකින් තොරව සහ විවිධ ලැදියාවන් මත විවිධාකාර ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත් ඒවා මේ වන විට රෝහල් පද්ධතියට දරාගත නොහැකි ඉදිකිරීම් වී ඇති බවත්, මෙලෙස අවිධිමත් කටයුතු ආරම්භ කර තිබීම රජයටත්, සෞඛ්‍ය සේවාවටත්, රටටත් විශාල බරක් බවට පත්ව තිබෙන බව ද  අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

කෙසේ වුව ද, ව්‍යාපෘති ආරම්භ කර තිබීම හේතුවෙන් එහි නිමාවක් දැකිය යුතු බවත් එබැවින් සිදු කරමින් පවතින ඉදිකිරීම් කටයුතු යම්තාක් මට්ටමකට හෝ අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසී ය. මහනුවර ජාතික රෝහල සඳහා සකස් කර ඇති සැලැස්මට අනුව අවශ්‍ය කරන අනෙකුත් මුදල් ප්‍රතිපාදන ක්‍රමණුකූලව ඉදිරියේ දී වෙන් කිරීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.



අදහස් (0)

මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site