
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී මහනුවර නගරයට ජලය බෙදා හරින අභ්‍යන්තර ජලනල පද්ධතියට සිදුවූ හානියක් හේතුවෙන් අද (30) අලුයම 2.00 දක්වා මහනුවර නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
මහනුවර නගරයේ පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසල සිට නගර සභා හන්දිය දක්වා, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බුවැලිකඩ, තැන්නේකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලූම වීදි ආශ්‍රිත ප්‍රදේශවලට එසේ ජල සැපයුමට බාධා පැමිණ ඇති බව නිවේදනය කරයි.
බිඳවැටුණ ජල නල පද්ධතිය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවත් ජල සැපයුම අත්හිටුවන කාලය තුළ අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමටත් විකල්ප ජල ප්‍රවාහයන් භාවිතා කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවරට පැය 36ක් ජලය නෑ