IMG-LOGO

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් නෙරපයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මහින්ද සමරසිංහ මහතාගේ ඉවත් කිරීමෙන් හිස් වූ එම තනතුරු සදහා බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත‍්‍රලාල් මෙන්ඩිස් මහතා පත්කිරීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා කීවේය.

ඔහු විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව පක්‍ෂ විනය කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

පක්‍ෂය විසින් ගනු ලැබූ මෙම තීන්දුව හෙට (20) දිනයේදී මහින්ද සමරසිංහ මහතාට ලිඛිතව දැනුම්දීමට නියමිත බවද පක්‍ෂයේ එම ප‍්‍රකාශකයා පැවසීය.

පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඔහු කීවේය.



අදහස් (12)

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් නෙරපයි

Samitha Senaka Aluthgamage. Tuesday, 19 May 2020 02:35 PM

කමක් නැහැ සමරසිංහ මහත්තයෝ 4% රේ කට්ටියට කඩේ ගියාට මේක හොඳ පාඩමක් කියලා හිතහදාගන්න...

:       11       315

siri Tuesday, 19 May 2020 05:18 PM

පොදුජන පෙරමුණේ මහ පුටුවේ ඉන්න එක්කෙනා ඇතුළු තව බොහෝදෙනා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නේද ? එයාට මේවගේ විනය පරීක්ෂණ නැද්ද?

:       25       378

saliya Tuesday, 19 May 2020 05:18 PM

එළවන්න ඕනේ පක්ෂයයි රටයි වෙනස් කරපු අයයි. මේ මනුස්සයා ජිනීවා ගිහින් රට වෙනුවෙන් කතා කරපු හැටි අපිට මතකයි. පක්ෂ බේදයෙන් තොරව හොද මනුස්සයෙක් ඔය ජන්දේ ඉල්ලන 99% කට වඩා.

:       1       65

Nandalal DE SILVA - France Tuesday, 19 May 2020 05:35 PM

මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වගෙයි කියල මගේ සීයා කියනවා...! මැදමුලන ලොක්කයි, පොළොන්නරුවේ සිරයි එකතුවෙලා ඩීල් ගහල හදපු සන්ධානයෙන් මේ සංවිධායක දොට්ට දැමීමෙන් පෙනී යන්නේ මර/සිරා මගුලේ තිබෙන එකමුතුකම දෙදරා ඇති බව කියලා මගේ ආච්චි කියනවා. අනේ මන්දා, උන්දෑ දන්නා දේවල් අපට තේරෙන්නේ නැති නිසා දන්නා කෙනෙක් ඉන්නවා නම් මේකේ කොමෙන්ට් එකක් දමන්න බැරිද?

:       32       64

ranjith Tuesday, 19 May 2020 10:45 PM

මහින්ද සමරසිංහ මහත්තයාට හොදක් වෙලා තියෙන්නේ බංකොළොත් පක්ෂයක ඉන්නවට වඩා ජනප්‍රිය පක්ෂයක ඉන්න එක වඩාත් හොදයි.

:       21       58

Indhika Wednesday, 20 May 2020 12:25 AM

දැන් මේ මනුස්සය කාලා බීලා ජිවත් වෙන්නේ කොහොමෙයි. අපිට නම් කොසුයි, පොලුයි කාලාවත් ඉන්න පුළුවන්. පව් අහිංසකයා... ආධාරවත් එකතු කරමුද?

:       54       108

චමින්ද Wednesday, 20 May 2020 12:55 AM

එජාපයෙන් ශ්‍රිලනිපයට එතැනින් පොහොට්ටුවට අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියනවා නේද?

:       45       211

sanath Wednesday, 20 May 2020 01:24 AM

එතකොට මහින්ද රාජපක්ෂ, ජී.එල්. පීරිස්, එස්.බී., ජොන්ස්ටන්, රත්තරන්, නාමල්, පවිත්‍රා, වගේ ඉතිරි 80ට මොනවත් කරන්නේ නැතිද?

:       103       103

rama Wednesday, 20 May 2020 03:42 AM

විජයමුනි සොයිසා සහ පියසේන ගමගේ තවම S.L.F.P. එකේනේ ඉන්නේ... ඒක නිසා එයාලට විනය ක්‍රියා නැහැ.

:       38       30

kamal Wednesday, 20 May 2020 07:22 AM

හොඳින් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන්කම තමයි පාරට හිටියේ... කමක් නැහැ පරම්පරා ගාණක් ගොඩදාගන්න ඇතිනේ...

:       0       94

කපුරු හාමි Wednesday, 20 May 2020 09:55 AM

දේශපාලුවන්ට මේවා සුලු දේවල්. වෙන පක්ෂෙකට හේත්තු වෙයි. රිලව් වගේ පනින අය ඉන්න රටේ මොනව කරන්න බැරිද?

:       0       3

Rohana Thursday, 21 May 2020 04:13 AM

පක්ෂෙන් නෙරපුවත් නෙරපීමට කටයුතු කල අයයි, නෙරපීමෙන් දඬුවම් ලබපු අයයි සිටින්නේ එකම සංධානයක... අබුද්ධස්ස කාලෙ හැටි මෙහෙමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site