IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහනගර සභාවේ සේවකයකුගේ සිරුරක් පාලම යටින් හමුවෙයි

(ආර්.එෆ්.එම්.සුහෙල්) 

නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44) තිදරු පියෙකුගේ සිරුර අද (25) නුවරඑළිය ග්‍රෙගරි වැව අසර තලගල ඔයෙන් සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි. 

ඊයේ (24) සවස 06.00ට පමණ මිය ගිය පුද්ගලයා නුවරඑළිය මහ නගර සභාවට රාජකාරී සදහා පැමිණෙන යතුරුපැදිය ග්‍රෙගරි වැව අසල පාලමක් මත අනතුරට ලක්ව තිබී පොලිසියට හමුවී තිබුණ ද එම යතුරුපැදී ගමන් ගත් පුද්ගලයා පිළිබඳ කිසිත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණු බවද පොලිසිය කියයි.

ඥාතීන් හා පොලිසිය විවිධ ස්ථානවල මියගිය පුද්ගලයා පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව අද (25) උදැසන 11.00ට පමණ ඊයේ දින අනතුරට ලක් වූ යතුරුපැදිය සොයාගත් පාලම යටින් ගලායන තලගල ඔයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය සොයා ගැනීමට හැකි වූ බවද නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ මරණය අනතුරක් ද ඝාතනයක්ද යන වග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසිය සිදු කරනු ලබයි .

 



අදහස් (0)

මහනගර සභාවේ සේවකයකුගේ සිරුරක් පාලම යටින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site