IMG-LOGO

මුහුදු වැලිත් එක්ක කෝටි 50 සේදිලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිපාලිත සමාගමකට 2019 වර්ෂයේදී දුන් රුපියල් කෝටි 50කට ආසන්න ණය මුදලක් නැවත අයකර ගැනීමට නොහැකිවීමෙන් විශාල පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

වෙළෙඳපොළ ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් එම මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතියද එය ආරම්භ කළ වර්ෂයේම නතරවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පරිපාලිත සමාගම රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් වැය කර තිබුණු කියති. මේ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් රුපියල් කෝටි 20ක් සියයට 12 ක ණයක් ලෙසද රුපියල් කෝටි 11ක් අත්තිකාරමක් ලෙසද ලබා දී තිබූ අතර ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ද එම සමාගමෙන් රුපියල් කෝටි 14 ට වැඩි මුදලක් සංස්ථාවට අය විය යුතුව තිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.

මේ කිසිදු මුදලක් ගෙවීමට මූල්‍ය ශක්‍යතාවක් ඒ සමාගමට නොතිබූ බව නිරීක්ෂණයවී යැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

 



අදහස් (0)

මුහුදු වැලිත් එක්ක කෝටි 50 සේදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site