
(සුමිත් පොතුපිටිය)
සිය පෙම්වතා විසින් මුහුදට තල්ලුකල පෙම්වතිය හිස ගලක වැදීමෙන් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පයාගල පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල, පහලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී දැරණියගලගේ තරුෂී සෙව්මිණි නමැති 19 හැවිරිදි තරුණියකි.
එම යුවල ඊයේ (29) පස්වරුවේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරලේ පෙම්බස් දොඩමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතිය මුහුදට තල්ලුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇතැයිද පොලිසිය කීය.
සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ගැහැණු ළමයෙක්ම දැනගන්න ඕනෑ දෙමාපියන් කන්න බොන්න දීලා, ආරක්ෂා කරලා, උගන්වලා හදලා තියෙන්නේ කොහේවත් ඉන්න අසත්පුරුෂයෙකුගෙන් අඩම්තේට්ටම් විඳින්නවත්, මැරුම් කන්නවත් නොවන වගට. ආදරයේ නාමයෙන් කරන විකාර නතර කළ යුතුයි... ආදරය නොහඳුනන අයව ඈත්කළ යුතුයි. තම තමන් ආරක්ෂා වීමට හොඳ බුද්ධියක් තිබිය යුතුයි...