(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදාව පසු ගිය දින දෙකක් තුළ මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණද්‍රව්‍ය කූරූ 11 ක් සමඟ පුපුරණ ද්‍රව්‍ය ආම්පන්න රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ධීවරයින් ඉතා සුළු පිරිසක් පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් කොරල් පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වන බවත් එම පරිසරය ආශ්‍රිත මත්ස්‍යයන් බෝවීම අඩු වීමෙන් අනාගතයේ මත්ස්‍ය අස්වැන්න අඩු වන බවත් නාවික හමුදාව කියයි.
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ වාණිජ පුපුරණද්‍රව්‍යක් වන වොටර් ජෙල් කූරූ නවයක් ද, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මන්නාරම, කොන්තප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ කළ තවත් සෝදිසි මෙහෙයුමකදී, පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා සුදානම් කර, එම වෙරළට ආසන්න පඳුරක් තුළ සඟවා තිබූ වොටර් ජෙල් කූරූ දෙකක් (02), සේවා නූල් හයක් (06) සහ විදුලි නොවන ඩෙටනේටර් තුනක් (03) ද බාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු මැද නාවික විධානය භාරයට ගත් පුපුරණද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය ද, නැගෙනහිර නාවික විධානය භාරයට ගත් පුපුරණද්‍රව්‍ය ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ ද, තබාගත් බව නාවික හමුදාව වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මසුන් මරන්න ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
Binkunndaa Saturday, 22 January 2022 01:31 AM
හික්කඩුව සිට මාතර දක්වා මෙවැනි පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මැරුවත්, කවදාවත් ඔවුන්ව අල්ලන්නේ නැත. පොලිසිය කෙළින්ම මේකට සම්බන්ධයි. නාවික හමුදාව නිහඬයි. එකට ජරාව කනවා අවුරුදු ගාණක් තිස්සේ.